සුදුවෑන් ප්‍රසන්න, කොමාන්ඩො රෙජිමේන්තුවෙන් ඉවතට

Published in පුවත්
Tuesday, 11 August 2015 09:34

යුද හමුදා කොමාන්ඩො රෙජිමේන්තු අධිපති වශයෙන්ද කටයුතු කළ මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා ඉන් ඉවත් කර ඇතැයි වර්තාවේ.  අත්‍යවශ්‍ය සේවාවන් යටතේ මෙලෙස සිල්වා මහතාව මෙම තනතුරෙන් ඉවත් කළද ඔහු තවදුරටත් ආරක්‌ෂක අමාත්‍යාංශයේ නව හමුදා සබඳතා නිලධාරී වශයෙන් තවදුරටත් කටයුතු කරනු ඇත.

එසේම කොමාන්ඩෝ රෙජිමේන්තුවේ න අධිපතිවරයා ලෙස බ්‍රිගේඩියර්  රැල්ෆ් නුගේරා පත් කර තිබේ.

පසුගියදා මිරිහාන ප්‍රදේශයේදී ආයුධ සන්නද්ධ හමුදා බට පිරිසක් සමඟ අත්අඩංගුවට ගන්නා ලද සුදු වෑන් රථය ප්‍රසන්න සිල්වා මහතාගේ සේවය පිණිස යුධ හමුදාවෙන් ලබා දුන්නක් බව හෙළි වූ අතර ඒ මොහොතේ නිල නොවන කටයුත්තක් වෙනුවෙන් එම රථය යොදාගෙන තිබු බවත් සිල්වා මහතාට අයත් පි‍තෝලයද එම සෙබළු අත තිබී අත්අඩංගුවට ගන්නා ලදී. එමෙන්ම එහි අංක තහඩුවද වෙනස් කර තිබීම ගැන චෝදනා එල්ල විය.

මෙම සිදු වීම රාජපක්ෂ වාදීන් මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය සඳහා ගත් උත්සාහයක් බවට ප්‍රචාරය කළ නමුත් ප්‍රසන්න සිල්වා මහතා ඒ වන විටත් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ වයාපාරයට එක් වී කටයුතු කරමින් සිටි බවත් හෙළි විය.

Last modified on Tuesday, 11 August 2015 14:20

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us