රාජපක්ෂවරු ළඟ ඩොලර් බිලියන 1.5ක මුදල් සංචිතයක්, ඒත් පරීක්ෂණ යට ගැසෙන ලකුණු

Published in පුවත්
Monday, 24 August 2015 14:42

පසුගිය රාජපක්ෂ පාලනය තුලදි එම පවුල්ලේ සාමාජිකයන් විසින් අයතා ලෙස උපයා ගත් බිලියන් ගනනින් වන මහා ධනස්කන්ධයෙන් අමරිකානු ඩොලර් බිලියන 1.5 ක් පිළිබඳව සාක්ෂි සහිත තොරතුරු හෙළිදව් වී පවතින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. (මේ මුදල රුපියල් කෝටි විසිදහසකට වැඩි මුදලකි.)

ඒ කෙසේ නමුත් මෙම මුදල උපයා ගත් ආකාරය සොයා ගැනීම හා මෙම මුදල් මෙරටින් පිට කිරීම සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීම තවමත් අසීරූ කටයුත්තක් වන බව පැවැසේ. ඒ සඳහා මේ වන විට ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහය ලබා ගනිමින් සිටින බවත් එම තොරතුරු තහවුරු කරගෙන නඩු පැවැරීමේ කටයුතු සිදු කිරීමට තව වසර කිහිපයක්වත් ගතවනු ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

මෙරට හා විදේශීය ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුම රාජපක්ෂවරුන්ගේ මෙම මුල්‍ය ජාවාරමට හවුල් වී ඇති බවත් සොයාගෙන ඇති නමුත් එම ව්‍යාපාරිකයන්ම වත්මන ආණ්ඩුවේද ප්‍රධානින් සමඟ මේවන විට සමීපව කටයුතු කිරීම නිසා එම පරීක්ෂණ කටයුතුවලට බාධාවක් එල්ල වී ඇත.

මහින්ද රාජපක්ෂ මහතා වත්මන් රජයට එරෙහිව නොයෑමත් රාජපක්ෂ මහතාට හා එම පවුලේ සාමාජිකයන්ට එරෙහිව පරීක්ෂණ කටයුතු නොකිරීමටත් දෙපාර්ශ්වය අතර එකඟතාවයකට යෑම වෙනුවෙන් මෙම ව්‍යාපාරිකයන් මේ වන විටත් රුපියල් මිලියන දහස්ගනනක් වැය කර ඇති බවත් දැන ගැනීමට තිබේ. මෙවර පාර්ලිමේන්තු වට පිවිසුණ එජාපයේ ප්‍රබල නායකයකුට මේ ගනුදෙනුව වෙනුවෙන් රුපියල් මිලියන පන්සියයක සන්තෝසමක්ද ලැබී තිබෙන බව ද අගමැතිවරයා දිවුරුම් දීමේ උත්සවයට රාජපක්ෂ මහතා සහභාගී වන්නේද එම අවබෝධය මත බවද ඉහත ආරංචි මාර්ග පවසයි.

මේ අතර මෙම කටයුතු වලට හවුල් වූ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් හා තවත් රාජ්‍ය නිලධාරීන් ‍රැසක් ගැන තොරතුරුද අනාවරණය වී තිබේ. එම ඇතැම් නිළධාරීන් වත්මනෙහිද ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඔවුන් ද මෙම පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වැලැක්වීම සිදු කරමින් තිබේ.

Last modified on Monday, 24 August 2015 14:46

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us