තිස්ස රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය බාර දෙයි

Published in පුවත්
Monday, 24 August 2015 18:53

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් බලාපොරොත්තුවෙන් සිටි තිස්ස අත්තනායක මහතා එම බලාපොරොත්තු සුන් වීමෙන් පසුව තමාට ප්‍රභූවරයකු සේ සලකා නිකුත් කර තිබු රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය අද දින ආගමන විගමන දෙපාර්තමේන්තුවට බාර දි එය සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් බවට වෙනස් කරගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයා වූ අත්තනායක මහතා පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපෙක්ෂකයාට සහය දීම අත් හැර මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට ඉදිරිපත් විය. එම අවස්ථාවේදී ඉතා දැඩි ලෙස පාක්ෂිකයන්ගේ මෙන්ම පොදු ජන සමාජයේද විවේචනය ඔහු ලක්වූ අතර ඔහුගේ දේශපාලන චරිතයද කෙලසා ගනු ලැබීය.

පසුව පසුගිය මහ මැතිවරනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද පාර්ශ්වය සහය පළ කළ අතර එම සන්ධානයේ ජාතික ලැයිස්තුවටද ඔහුගේ නම ඇතුලත් කරන ලදී.

කෙසේ නමුත් මහ මැතිවරණයෙන් ද පරාජය වූ සන්ධානය ඔහුට මන්ත්‍රීධුරයක් ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ. අත්තනායක මහතා පසුගියදා වෙනම දේශපාලන පක්ෂයක්ද නිර්මාණය කළ නමුත් ඔහු තවදුරටත් දේශපාලනයේ නිරත වන්නේද යන්න සැක සහිතය.

ඔහු එදා එජාපය පාව නොදෙන්නට අද ප්‍රබල ඇමැතිවරයකු ලෙස දේශපාලනයේ නිරත වීම අවස්ථාව නියත වශයෙන්ම ඔහුට තිබුණු බව අවිවාදිතය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us