දේශපාලන ඝාතන ‍රැසකට හිටපු බුද්ධි අංශ ලොක්කාට චෝදනා, රහස් හෙළිකිරීමට නිළධාරීන් සූදානම් වේ.

Published in පුවත්
Tuesday, 25 August 2015 08:55

රාජපක්ෂ පාලන සමයේදී දේශපාලන හා පෞද්ගලික වුවමනා එපාකම් සඳහා කෙරුණු මිනිස් ඝාතන ‍රැසක් සඳහා එවකට හිටපු බුද්ධි අංශ ලොක්කෙකු හා ඔහු යටතේ ක්‍රියාත්මක වූ හමුදා බුද්ධි අංශයක සිය ගන්නකට එරෙහිව චෝදනා ගොනු වෙමින් තිබෙන බව වාර්තාවේ. එමෙන්ම එවකට සිටි හමුදාවේ ඉහළ නිළධාරීන් කිහිප දෙනෙකුටද එරෙහිවද මෙලෙස චෝදනා ගොනුවෙමින් පවතී.

මාධයවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනය, කප්පම් ගැනීම සඳහා සිසුන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම යන සිදුවීම් වලට හමුදාවේ ඉහළම නිළධාරීන් සම්බන්ධව තිබෙන බව හෙළිව ඇති අතර මේවන විට පරීක්ෂණ කටයුතු අවසන් වෙමින් පවතින සිදුවීම් ‍රැසකම අවසන් අණ දෙන නිලධාරියාව සිටින්නේ බුද්ධි අංශ ලොක්කා බව හෙළිවෙමින් පවතී.

මේ අතර මේවන විටත් හමුදාවේ හා බුද්ධි අංශයේ ඉහළ නිළතලවල සිටින නිළධාරීන් කිහිප දෙනෙකුද සිටින බව හෙළිවේ. එහෙත් හමුදා ආරංචි මාර්ග පවසන්නේ තමන්ට ලැබුණු දෙශපාලන අධිකාරියේ නියෝග මත තමන් ක්‍රියාත්මක වූ බවත් තමන්ට එරෙහිව නඩු විභාග කෙරෙන අවස්ථාවක ඒ සියල්ල හෙළි කිරීමට ඇතැම් නිළධාරීන් සූදානමින් සිටින බවය.

කෙසේ නමුත් මේ තත්වය හමුදාව තුල විශාල කැළඹීම් සහගත භාවයකට හේතුවී ඇති අතර ලබන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවන යුධ අපරාධ චෝදනා සත්‍ය හා වඩා සාධාරණිය කරණයවීමක්ද මේ අනුව සිදුවෙමින් තිබේ.

Last modified on Tuesday, 25 August 2015 09:54

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us