හොඳ ඇමැතිකම් නැතුව ගෙදර යන්න බෑ, ශ්‍රීලනීප ලොක්කෝ නහයෙන් අඬයි

Published in පුවත්
Tuesday, 25 August 2015 22:34

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ නායකයන් එජාපය හා වන සම්මුති ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිකම් බලාපොරොත්තුවෙන් සිටියද ඒ නොලැබී යන තත්වයන් හමුවේ ඔවුන් බරපතල අර්බූදයකට මුහුණා පා සිටින බව වාර්තාවේ.

ඔවුන් මුහුණ දෙමින් සිටින ප්‍රධාන ගැටළුව වී ඇත්තේ තමන්ගේ බිරින්දෑවරුන්ගෙන් එල්ලවන පීඩනයය. නව ආණ්ඩුවට එක්වී හොඳ ඇමැතිකමක් ඉල්ලා ගන්නා ලෙස හිටපු බොහො ඇමැති බිරින්දැවරුන්ගෙන් එල්ල වන බලපෑම් හා තර්ජනයන් නිසා ඇමැතිකම් බාරගැනීමට සිදු තිබෙන නමුත් ලැබෙන්නේ 'හොඳ 'ඇමැතිකම් එනම් අමතර ගානක් හොයා ගත නොහැකි ඇමැතිකම් නිසා මේ ඇමැති සැමියෝ කරකියාගත නොහැකි තත්වයකට පත්ව සිටී. මේ නිසා අද උදෑසන සිටම හොඳ ඇමැතිකම් ඉල්ලා ශ්‍රී ලනීප මන්ත්‍රීවරු එජාපය හමුවේ නහයෙන් අඬා තිබේ.

එහෙත් ඒ සාර්ථක වී නැත. පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ඇමැතිවරුන්ට රොඩ්ඩක්වත් ඉතුරු නොකර සියල්ල රාජපක්ෂ වරුන් විසින් සූරාගෙන කැම නිසා හිටපු ඇමැතිවරු සිටියේ සැහෙන තරමේ පීඩනයකිනි. මෙවරද එසේම සිදුවනලකුණු පහළ වීම නිසා විපක්ෂයටම වී සිටීමට ඇතැම් ඇමැතිවරයකු තීරණය කරද තිබේ.

එහෙත් වීරවංශලාගේ කීමට විපක්ෂයේ සිටියහොත් නියත වශයෙන්ම තව අවුරුදු 5ක් සිටිමට සිදුවන අතර එජාපය හොඳින් ආණ්ඩුව කළ හොත් ඊළඟ වසර 5 ත් විපක්ෂයටම වී සිටීමේ අවදානමද ඔවුන් හමුවේ වෙයි.

Last modified on Tuesday, 25 August 2015 22:36

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us