එක්‌නැලිගොඩ ඝාතනයට සැක හමුදා නිලධාරීන්ට කප්පම් චෝදනාත්

Published in පුවත්
Friday, 28 August 2015 08:19

මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හමුදා සාමාජිකයන් සිවුදෙනා කොළඹ දෙමළ ව්‍යාපාරිකයන් පැහැර ගෙන ගොස්‌ රුපියල් කෝටි ගණනින් කප්පම් මුදල් ලබා ගැනීම් ඇතුළු සිද්ධීන් ගණනාවකට සම්බන්ධ බව පොලිසිය කළ පරීක්‍ෂණවලින් හෙළි වී ඇතැයි පොලිස්‌ ආරංචි මාර්ග දක්‌වයි. පසුගිය 2007-2008 වර්ෂවලදී මෙම පැහැරගැනීම් සහ කප්පම් ගැනීම් සිදු වී ඇති බවද අනාවරණය වී තිබේ.

එක්‌නැලිගොඩ ඝාතනයට අත්අඩංගුවේ සිටින එක්‌තරා කර්නල්වරයකු අතුරුගිරිය ප්‍රදේශයේ තුන් මහල් නිවසක්‌ ද ඉදි කර ඇත. පිහිනුම් තටාක ඇතුළු නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත මෙම නිවස ඉදි කිරීම සඳහා රුපියල් කෝටි ගණනක මුදලක්‌ වැය කර ඇති බව පොලිසිය කළ පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

මාසික වැටුපක්‌ ලබා ගන්නා හමුදා නිලධාරියකු කෙටි කාල සීමාවක්‌ තුළදී මේ තරම් විශාල වත්කම් උපයා ගත්තේ කෙසේදැයි පිළිබඳව පොලිසිය සොයා බලා ගෙන යයි.

මෙම හමුදා සාමාජිකයන් කොළඹ, පිටකොටුව, වැල්ලවත්ත, කොටහේන ඇතුළු ප්‍රදේශ කීපයකින් ධනවත් දෙමළ ව්‍යාපාරිකයන් පැහැරගෙන ගොස්‌ ඔවුන් සිරකර තබාගෙන රුපියල් කෝටි ගණනක්‌ කප්පම් මුදල් ලබා ගෙන ඇත.

මෙසේ මුදල් ලබාගෙන ඇතැම් ව්‍යාපාරිකයන් නිදහස්‌ කර යවා ඇති අතර ඇතැම් ව්‍යාපාරිකයන් හොර රහසේම මරා දමා ඇති බවද හෙළි වී ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක්‌ පවත්වාගෙන යයි.

divaina

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us