ඇමැතිවරු ගම්රටවල් බලා යති

Published in පුවත්
Sunday, 06 September 2015 10:08

අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව ඇමැතිකම් ලබුණු මන්ත්‍රීවරු ‍රැසක් මේ වන විට නිවාඩු ගත කිරීම සඳහා විදේශ රටවලට යාමට සූදානම් වෙමින් සිටින බවත් තවත් පිරිසක් සිය මන්ත්‍රී කොට්ඨාෂ වෙත යාමද සිදුව තිබෙන බවත් ඊයේ දිනයේදී මැති ඇමැතිවරුන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයේදි අනාවරණය වුණි.

පාර්ලිමේන්තුව යළි ‍රැස්වීමට නියමිතව තිබෙන්නේ 22 වන දින හේතුවෙන් දීර්ග නිවාඩුවක් මන්ත්‍රීවරුන්ට ලැබී තිබේ.

ඒ කෙසේ වූවත් දේශපාලකයන් කෙරෙහි වන බරපතල චෝදනාවක්ව තිබෙන්නේ ඡන්ද ඉල්ලා මැතිවරණ කාලයේදී ගේ තුලටම ඇවිත් හිනා මූණ දගෙන ගියාට ඡන්දයෙන් පසුව ඔවුන්ව ආසනය තුල දකිනවත් නොලැබෙන බවය. පොරොන්දු ටොන් ගනන් දී අතුරුදන් වන ඔවුන් යළි මැතිවරණයක් ආසන්නයේදී තවත් පොරොන්දු තොගයක් රැගෙන ඒති. මේ අනුව අද ගමේ හිතවතුන්ගේ සුභ පැතුම් ලබා ගන්නට ගමේ ගිය මන්ත්‍රීවරයා හෙට අතුරුදන්වීම විය හැකිව තිබේ. විදේශ ගත වූවන් ගැනද කියන්න්ට ඇත්තේ එපමණය. ඔවුන්ට ගම අමතකම වී තිබේ.

ඒ කෙසේ නමුත් මෙවර ඒ සෙල්ලම හරියන්නේ නැත. ගමට ගිහින් වැඩ නොකළොත් ලබන ගමන නම් වැඩේ අමාරුවේවි. මන්ද මෙම පාර්ලිමේන්තුව විසින් මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනු ඇත. මුළුමනින්ම සමානුපාතික ක්‍රමය වෙනුවට කොට්ඨාෂ ක්‍රමයට වැඩි බරක් සහිත මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම සිදුවනු ඇත. කොට්ඨාෂ ක්‍රමයේදී මන්ත්‍රී පට්ටම ලැබීමට නම් ගමත් එක්ක සිටිය යුතුය. ගමේ මිනිහාගේ ගැටළුවලට විසඳුම් සොයා දිය යුතුය. පක්ෂයට වඩා පුද්ගලයා වැදගත්වන කොට්ඨාෂය මූලික වන මැතිවරණ ක්‍රමයේදී ඡන්දයක් ලබා ගත හැක්කේ එවිටය. ඒ නිසා අද ගමේ ගිය ඈයෝ ගමේ නවතින්න්ට ක්‍රමයක් සොයා ගන්නවා නම් හොඳය.

Last modified on Sunday, 06 September 2015 11:52

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us