දයා ගමගේ, CSN නාලිකාව මිළදී ගැනීමට යයි

Published in පුවත්
Sunday, 06 September 2015 20:36

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා රාජපක්ෂ පවුට අයත් රූපවාහිනී නලිකාවක් වන කාල්ටන් ස්පොර්ට් නෙට්වර්ක්ස් (CSN ) ආයතනය මිළදී ගැනිම සඳහා උත්සාහයක නිරතව සිටී.

රාජපක්ෂවරු සමග මෙම ගනුදෙනුවේ මැදිහත්කරු වී ඇත්තේ ලොත‍රැයි මණ්ඩල හිටපු සභාපති, ලංකා පුත්‍ර සංවර්ධන බැංකු හිටපු සභාපති ඇතුළු රාජ්‍ය ආයතන ‍රැසක ඉහළ නිළතල ඉසුලූ උපාලී ලියනගේ මහතාගේ පුත් ව්‍යාපාරික මේනක ලියනගේ මහතාය. මේනක ලියනගේ මහතා මේවන විටත් එම රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි

මෙම රූපවාහිනී නාලිකාව සඳහා පසුගිය අතුරු අයවැයෙන් රුපියල් බිලියනයක දඩයක් නියම කරනු ලැබූ අතර මේ දක්වා ඒ ගෙවීමට කටයුතු කර නැත. මෙම ක්‍රීඩා නාලිකාව මිළදී ගෙන එය ක්‍රීඩා නාලිකාවක ලෙස පවත්වාගෙන යාමටනම් මෙම දඩ මුදලත් ගෙවිය යුතුව තිබේ. යම් හෙයකින් මෙම නාලිකාව දයා ගමගේ මහතා මිළදි ගන්නේ නම් මෙම දඩ මුදලද ගෙවිය යුතුව ඇත.

සී එස් එන් නාලිකාව ගොඩ නැගුවේ රාජ්‍ය දේපල යොදාගෙන බවටද බරපතල චෝදනාවක් එල්ල වී තිබේ. පසුගිය රජය සමයේදී උපාලි ලියනගේ මහතා ද රාජ්‍ය දේපල අයතා පරිහරණය සම්බන්ධයෙන් චෝදනා ලැබූවකු වේ.

Last modified on Sunday, 06 September 2015 21:54

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us