කැබිනට් නොවන තවත් 22ක කැබිනට් මණ්ඩලයක්, මහින්දටත් තනතුරක්

Published in පුවත්
Monday, 07 September 2015 15:39

කැබිනට් ඇමැතිවරයකුගේ බලතල ලැබෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමි‍ටු සභපති තනතුරක් ඇති කිරීම සඳහා අගමැතිවරයා මහ මැතිවරණයේදි කළ යෝජනාව ක්‍රියාවට නැඟීම ආරම්බ කර තිබේ.

මේ අනුව කුරුණැගල දිස්ත්‍රික් එජනිස මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට එම දිස්ත්‍රික් සභාපති තනතුරට පත් කිරීම සඳහා යෝජනා කර ඇත.

මෙලෙස මැතිවරණ දිස්ත්‍රික් 22 ක් ජයග්‍රහණය කළ අනුපාතය අනුව එක්සත් ජාතික පක්ෂයට සභාපති ධූර 11 ක් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට 08ක්ද, ද්‍රවිඩ සන්ධානයට 3ක්ද වශයෙන් හිමිවීමට නියමිතය. මේ මුලින් යෝජනා කර තිබුණේ පරාජිත අපේක්ෂකයකුට එම අවස්ථාවා ලාබ දීමට බවද වර්තා විය.

ඒ කෙසේ නමුත් මෙලෙස සැම දිස්ත්‍රික්කයක් සඳහාම විශේෂ බලතල සහිත නියෝජිතයකු පත් කිරීමත් පළාත් සඳහා කැබිනට් ඇමැතිවරයකු නම් කිරීමත් නිසා පළාත් සභා තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටළුවක් මතුවන බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙති. යම් හෙයකින් ඉදිරි ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමේ සූදානමක පුර්ව සලකුණක්ද යන්න සැක මතුවන බවද ඔවුන් පෙන්වා දෙති.

 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us