ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජ සාමාජිකයන් 3ක් යෝජනා වේ

Published in පුවත්
Thursday, 10 September 2015 15:14

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කරන සිවිල් සාමාජිකයන් ලෙස (ආචාර්ය) ඒ. ටී. ආරියරත්න මහතා, (ආචාර්ය) රධිකා කුමාරස්වාමි මහත්මිය, ජනාධිපති නීතිඥ ෂිබ්ලි අසීස් මහතාගේ නම් අද යෝජනා විය. තවද සිවිල් සමාජය නියෝජනය කරන තිදෙනාගේ නම් අනුමැතිය සඳහා සැප්තැම්බර් 22 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද යෝජිතය.

8 වැනි පාර්ලිමේන්තුව පත් වූ පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමුවැනි රැස්වීම අද දින කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් කථානායකතුමාගේ නිල මැදිරියේදී පැවැත්වීමට යෙදුණි. මෙම රැස්වීමට කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, විජයදාස රාජපක්ෂ , පාඨලී චම්පික රණවක හා ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න යන මැති ඇමතිවරුන් සහභාගී විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සාමාජිකයන් ඉතා ඉක්මනින් පත් කළ යුතු බව සහ දැනටමත් කොමිෂන් සභා පත් කිරීම කල් ගත වී ඇති බව කථානායකවරයා අවධාරණය කරන ලද අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉතා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු බව ප්‍රකාශ කරන ලදී. කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම ඉතා ඉක්මනින් සිදු කළ යුතු බව තීරණය කරන ලද අතර ඒ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ නායකයන්, වෘත්තීය හා සිවිල් සංවිධානවලින් නාම යෝජනා ලබා ගැනීමට තීරණය කරන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවත වරක් සැප්තැම්බර් මස 21 වන දින හා 23 වන දින රැස්වීමටද තීරණය කරන ලදී.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us