ලංකාවේ වසරකට ලිංගික උත්තේජක පෙති ලක්ෂ 200ක් අලෙවි වේ

Published in පුවත්
Monday, 14 September 2015 07:28

ලිංගික උත්තේජන ඇති කිරීමේ ඖෂධ පෙති වසරකදී මිලියන විස්සකට අධික ප්‍රමාණයක් මෙරට අලෙවි වන බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසයි.

එම ඖෂධ, වේදනානාශකයක් වන පැරසිටමෝල් පෙති අලෙවි වන ප්‍රමාණයට සමාන අගයකින් වෛද්‍ය නිර්දේශයකින් තොරව අලෙවි වන බව එහි සභාපති වෛද්‍ය චමීර නිලංග මහතා සඳහන් කළේය.


නියමිත මාත්‍රාවට වඩා එම ඖෂධ භාවිතා කිරීමෙන් එහි අතුරු ආබාධ උත්සන්න වී පුද්ගලයෙකු මියයාමටද ඉඩ ඇති බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

පසුගිය කාලසීමාව තුළ ලිංගික උත්තේජන ඖෂධ භාවිතා කිරීම නිසා හදිසියේ පුද්ගලයන් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා විය.

ඊයේ දිනයේදීද මාරවිල - මුහුදුකටුව ප්‍රදේශයේ ලැගුම්හලක සිටි යුවලක් අතුරෙන් 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු හදිසියේ රෝගාතුරවී මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී යම් අධිශක්තිකරණ ඖෂධයක ඇසුරුමක් හමුවූ බවයි.

අදාළ මරණය එම ඖෂධය භාවිතා කිරීම නිසා සිදුවූවක්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක වන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Last modified on Monday, 14 September 2015 07:29

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us