ශී‍්‍ර ලංකාවේ සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංගණය වීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ වාර්තාව මෙම සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර සැසිවාරයට සහභාගිවීම සඳහා ජීනිවා නුවරට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් අතර සාකච්ඡාවක් ඊයේ ( 13) පැවැත්වුණි.
ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සැකසූ වාර්තාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.අදාළ වාර්තාව ශී‍්‍ර ලංකා රජයට භාරදී ඇති බව විදෙස් පුවත් වාර්තා ඊයේ (13) වාර්තා කර තිබේ. වාර්තාව සඳහා ප‍්‍රතිචාර දැක්වීමට දින 5ක කාලයක් ලබාදී ඇති අතර මානව හිමිකම් සමුළුව අවසානයේදී වාර්තාව සම්බන්ධයෙන් වන ශී‍්‍ර ලංකා ප‍්‍රතිචාරය ඉදිරිපත් කළ යුතුව ඇත.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ අවසන් සැසිවාරයට සහභාගි වූ ශී‍්‍ර ලංකා දූත පිරිසේ සාමාජිකයෙකු වන ආචාර්ය ප‍්‍රතිභා මහානාම හේවා මහතා පැවසුවේ ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාවේ ස්ථාවරය යම් මට්ටමකින් වෙනස් වී ඇති බවය,. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාවේ සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංගණයවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් පැවැත්වීම අමෙරිකාවේ උත්සහය වී ඇතැයිද ප‍්‍රතිභා මහානාම හේවා මහතා කියා සිටියේය.

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරය අද (14) ආරම්භ වෙයි.ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා ඊට සහභාගි වීමට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත දූත පිරිසක් මේ වන විටත් ජිනීවා නුවරට ගොස් සිටිති.