යුධ අපරාධ ගැන හොයන්න තමිල්නාඩු රජය එකඟ වෙයි

Published in පුවත්
Wednesday, 16 September 2015 12:05

Jayalalithaශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුධ අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතු යැයි කියමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් අද(16) ඉදිරිපත් කළ යෝජනාවක් සම්මත වී තිබේ.

තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් එම යෝජනාව සම්මත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් නොකර දේශීය පරීක්ෂණයකට අමෙරිකාව සහය පළ කිරීම ගැනද එහි සඳහන්ව ඇති අතර එමගින් දක්වා ඇත්තේ එයට එරෙහිව ඉන්දීය රජය මැදිහත්වී පියවරක් ගත යුතු බවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය සම්බන්ධයෙන් අමරිකාව දරන ස්ථාවරයට එරෙහිව විරෝධතාවයේ නිරතවූ පිරිසක් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ තිරුචි ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

විදුතලෙයි තමීෂ් පලිහල්කච්චි, තමිසාර් විද්‍යාල කච්චි සහ තාන්තායි පෙරියර් ද්‍රවිඩ කසගම් යන දේශපාලන පක්ෂ සහ සංවිධාන වල ආධාරකරුවන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

(adaderana)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us