ලොව ඉහළම බලවතුන් අතරට මෛත්‍රීත් ! (photos)

Published in පුවත්
Tuesday, 29 September 2015 15:33

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගීවීම සඳහා ඇමෙරිකාවට ගොස් සිටින ජනපතිවරයාට ඊයේ (28දා) ලොව ඉහළම බලවතු කිහිප දෙනා අතර වැජබීමට ඓතිහාසික අවස්ථාවක් හා පිලිගැනීමක් ලැබිණි.


ඇමෙරිකාවට පැමිණ සිටින රාජ්‍ය නායකයින් සඳහා ඊයේ (28දා) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් මහතා විසින් සූදානම් කර තිබූ දිවා භෝජන සංග්‍රහය සඳහා සහභාගි වූ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ට ආසන පනවා තිබුණේ අංක 01 මේසය ලෙස නම් කළ ලොව බලවත්ම රාජ්‍ය නායකයන් සඳහා වන මේසයේය.

එක්සත් ජාතීන්ගේ සන්විධානයේ මහලේකම් සමඟ අමරිකානු ජනාධිපති බරක් ඔබාමා,රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්, ඉන්දියානු අගමැති නරේන්ද්‍රසිං මෝඩි, ඇතුළු ජොර්දනයේ දෙවන අබ්දුල් රජු, චිලි රාජ්‍යයේ ජනාධිපති, ඕස්ට්‍රියාවේ ජනාධිපති නෙදර්ලන්තයේ රජු, දකුනු කොරියාවේ ජනාධිපති, පෝලන්ත ජනාධිපති, ස්විස්ටර්ලන්තයේ ජනාධිපති ඇතුලු තවත් රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකුට එම මේසය වෙන් කර තිබිණි.

විශේෂයෙන්ම මෙයට පෙර පැවැත්වූ රාජ්‍ය නායක හමුවේදී (පීස්කීපින්) මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාවෙන් පසුව  සිරිසේන මහතාට,  අමරිකානු ජනාධිපති බරක් ඔබාමා තමන් සිටි අසුනෙන් නැගිට සිරිසේන මහතා අසලට ගොස් පිටට තට්‍ටුවක් දමා ඔහුගේ සුබපැතුම් එක්කිරීම විශේෂ සිදුවීමකි. ඉන් පසුව අනෙක් සියලු රාජ්‍ය නායකයන් ඔහුට එක් විටම අත දිගුකර සුබ පැතීමටද කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාව නැමැති මේ පුංචි දුපතේ සරළ මිනිසෙකු. මීනිමරු ඒකාධිපති ඒ පාලනයක් ලේ බිඳකු නොසලා මැතිවරනයෙන් පරාජය කර යළි ප්‍රජාතනත්‍රවාදය පිහි‍ටුවීම ගැන පසුගිය කාලයේ ජාත්‍යන්තර මාධ්‍ය විසින්ද ඇගැයුමට ලක්කර තිබූ අතර ඊයේ ලෝක නායකයන් වෙතින්ද ඒ ඇගැයුම ඔහුට හිමි විය. මෙය මෑතකාලයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු ලැබු ඉහළම පිළිගැනීමක් ලෙස සැලකිය හැකිය.

unms 2unms 3unms 4unms 5unms 6

unms 1

 

Last modified on Tuesday, 29 September 2015 15:56

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us