'පාරේ හිඟා කෑවත් අත අරින්නේ නැ' - විමල් චන්ඩියාවේ

Published in පුවත්
Tuesday, 05 August 2014 10:05

පාරේ හිඟා කෑමට සිදුවුවත් ආණ්ඩුව නිවැරදි මාවතට ගෙන ඒමේ සටන අත් නොහරින බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි. 'ලංකාදීප' පුවත්පත සමග පැවති සාකච්ජාවකදී  ඌව මැතිවරණයට තනිවම ඉදිරිපත්වීම සම්බන්ධයෙන් එසේ  පවසා ඇති ඇමතිවරයා එම කරණය අවධාරණය කර ඇත්තේ මෙසේය.

 '' අපි මීට කළින් තනියෙන් තරඟ කළා ත‍්‍රිකුණාමලයට. අපි එතැන දී එක මන්ත‍්‍රී ධූරයක් දිනුවා. ඒක තරම් මේක ලේසි නෑ. ඒක අපි දන්නවා. සමහර විට මන්ත‍්‍රී ආසන අපි හිතනවටත් වඩා දිනා ගන්නත් පුළුවන් වෙයි. සමහර වෙලාවට අපි හිතන අවම ගානවත් දිනාගන්න බැරි වෙයි. ඒක නොවෙයි ප‍්‍රශ්ණය. කවුරුවත් හිතන්න  ඕන් නැහැ මේ තීරණය අපි ගත්තේ අධි තක්සේරුවකින් කියලා. අපි දන්නවා ඇත්ත තක්සේරුවයි. මේක මේ තක්සේරුව. මස් පිඬු පෙන්වන්න ගත්ත තීරණයක් නොවෙයි. 


පාරේ හිඟා කෑවත්….. වැරදි නම් එකටගමනක් අපට නෑ. ප‍්‍රතිඵලය පාරේ හිඟා කෑම වෙන්න පුළුවනි. ඒත් ගමනේ දී වැරදි පෙන්වා දෙද්දී එය නොතකා යන කණ්ඩායමක් සමඟ දීර්ඝ කාලින ගමනක් අපට නැහැ. ඒ නිසා අපි බිංදුවෙන් හරි පටන් ගන්නවා..

මෙහෙම ගියොත් මේ ගමනේ අවසානය ආණ්ඩුවේ පරාජයයි. අපට  ඕනෑ ඒක නවත්වා ගන්නයි. තාමත් උත්සාහ කරන්නේ ඒ වෙනුවෙන් තමයි....''

ආණ්ඩුවේ පරාජයට මුල ආණ්ඩුවේ ප්‍රධානින් බවද ඇමතිවරයා කියා සිටියි.

 හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් විමසීමේදී, ''ඒ ප‍්‍රශ්ණයට උත්තරයක් විදියට මම හිනා වුණා කියලා ලියන්න'' යයි ඇමතිවරයා පවසා ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us