සේවක අර්ථසාධක අරමුදල පෞද්ගලීකරණය කරන්නේ නැහැ

Published in පුවත්
Tuesday, 10 November 2015 08:21

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල එක්කර ජාතික විශ්‍රාම පාරිතෝෂිත අරමුදල පිහිටුවන්නේ ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීමට යැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

එලෙස කිරීමට කිසි ලෙසකින් හෝ එම අරමුදලේ පෞද්ගලීකරණය කිරීමක් නොවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසුවේ ඊයේ(09දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුව අමතමිනි.

එමෙන්ම මෙම අරමුදල මහ බැංකුවෙන් ඉවත් කර ස්වාධීන අරමුදලක් බවට පත්කිරීමට තීරණය කළේ ළබැඳියාවන්ගේ ගැටුම නවතාලීමට බවද අමාත්‍යවරයා කීය.

රජයට ණය ලබාදෙන විශාලතම අරමුදල බවට සේවක අර්ථසාධක අරමුදල පත්ව තිබුණද මෙතෙක් එය පිහිටුවීමේ අරමුණු ඉටුවී නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවද මහ බැංකුව යටතේම පැවතීම මෙය හේතුව වී ඇති බව අමාත්‍යවරයා කීය.

මේ හේතුවෙන් වෙළෙඳපොළේ ලබාගත හැකි ප්‍රතිලාභයට වඩා අඩු ප්‍රතිලාභ ලබාගත හැකි ආකාරයට සේවක අර්ථසාධක අරමුදල භාවිත වී ඇති අතර, මෙම ළබැඳියාවන්ගේ ගැටුම් නිරාකරණය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

ජාතික විශ්‍රාම පාරිතෝෂිත අරමුදල පිහිටුවන්නේ සම්පූර්ණයෙන්ම රජයේ ආයතනයක් ලෙස වන අතර, ඒ සඳහා සාමාජිකයන් පත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය යටතේ බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාද මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

සමාජ සාධාරණය වෙනුවෙන් ගන්නා වූ මෙම පියවර තුළින් වත්මන් තත්ත්වයට වඩා ඉතා සුරක්ෂිතතාවක් ජාතික විශ්‍රම පාරිතෝෂිත අරමුදලට හිමිවන අතර, නීතිමය ආවරණයද පුළුල්වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය

ada.lk

Last modified on Tuesday, 10 November 2015 08:23

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us