ශිරන්තිගේ සිරිලිය ගිණුමට චීන රජය කෙළින්ම සල්ලි එවලා

Published in පුවත්
Sunday, 22 November 2015 10:22

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපජ්ෂ මහත්මිය විසින් පවත්වාගෙන ගිය 'සිරිලිය සවිය'නම් සංවිධානයේ ගිණුමට චීන රජය විසින් සෘජුවම මුදල් බැර කර ඇති බව අනාවරණය වී තිබේ. මේ අනුව අමරිකානු ඩොලර් 75,000 ක (රුපියල් කෝටියකට ආසන්න) මුදලක් එක අවස්ථාවක බැර කර ඇත.

එහෙත් මෙරට රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙ ඇති නීති රීති අනුව විදේශ රාජ්‍යයකින් මේරට සංවිධානයකට මුදල් ලබා දෙන්නේ නම් එය ශ්‍රී ලංක රජයට දැනුම් දිය යුතුව තිබේ. එය සෘජුව කිසිදු සංවිධානයකට මෙලෙස මුදල් ලබා දිය නොහැක.

මෙම මුදල් ගනු දෙනුව සඳහා බීජිං හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් වරයා මැදිහත්ව ඇති අතර 2010 වසරේදි මෙම මුදල් මහජන බැංකුවේ පවතින සිරිලිය සවිය ගිණුමට බැර කර තිබේ.

පසුගිය රාජපක්ෂ රෙජිමය අවධියේදී චින රජයට මෙරට සංවර්ධන ව්‍යාපෘති කොන්ත්‍රාත් ලබා දුන්නේ විශාල කොමිස් මුදල් වලට අනුව බව මේවන විට හෙළිව පවතින අතර එම කොමිස් මුදල් ලබා දීම සඳහා රාජපක්ෂ පවුලේ ව්‍යාපාර හා සංවිධාන වල ගිණුම් යොදාගෙන ඇති බවත් හෙලිව තිබේ. මේ අනුව සිරිලිය ගිණුමද ඒ සඳහා යෝදාගෙන ඇති බව පැහැදිලිය.

සිරිලිය ගිණුමට මුදල් ලැබීම හා ව්‍යාජ ජාතික හැඳුනුම්පත් අංකයක් මඟින් මෙම ගිණුම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණන මේවන විට පැවැත්වෙමින් ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us