ඇවන්ගාඩ් බිස්නස් එකෙන් නාවික හමුදාවට පොලු පිට පොලු. දවසේ ආදායම ලක්ෂ 70 ට බහියි

Published in පුවත්
Saturday, 12 December 2015 16:46

ඇවන්ගාඩ් ව්‍යාපාරය සතුව තිබු පාවෙන අවිගබඩා හා එම ව්‍යාපාරය නාවික හමුදාවට ලබා ගැනීමේන් පසුව එම ව්‍යාපාරය සාර්ථකව සිදු කෙරෙන බවත් දිනකට කෝටි 2ක ආදායමක් ලබන බවටත් ආරක්ෂක ලේකම්වරයා හා ඇතැම් ඇමැතිවරුන් කළ ප්‍රකාශය සාවද්‍ය බව පෙනී ගොස් තිබේ. එමෙන්ම නාවික හමුදාවෙන් අවි හා සී මාර්ශල්වරුන්ගේ සේවය ලබාගත් විදේශ සමාගම් 3 මේවන විට අදාල මුදල් ගෙවීම පැහැර හැර ඇති බැවින් ලැබිය යුතුව තිබුණු රුපියල් කෝටි ගනනක් අහිමිව ඇති බවත් වාර්තාවේ.

එම විදේශ සමාගම්වලින් එම මුදල් ලබා ගැනිම සම්බන්ධයෙන් එම රාජ්‍යයන් හී අදාල සමාගම් ප්‍රධානින්ට ලිපියක් හො යැවීමේ නිත්‍යානුකූල අයිතියන් නාවික හමුදාවට නැති බවටත් මේවන විට එම ක්ෂෙත්‍රයේ ව්‍යාපාරිකයන් පෙන්වා දෙති. රාජ්‍යයක නිල නාවික හමුදාවකට සෘජුව වෙනත් රාජ්‍යයක පෞද්ගලික සමාගමක් හා ගනුදෙනු කිරීමේ හැකියාවක් නැත. (ඇවන්ගාඩ් සමාගම නයිජීරියාවේ නාවික හමුදාව සමඟ ගනුදෙනු කිරීම නීති විරෝධී බවට ඇවන්ගාඩ් විරෝධීන් ප්‍රකාශ කළේද ඒ අනුවය. එහෙත් එම ගනුදෙනුවේදී ඇවන්ගාඩ් සමාගම අතරමැදියෙක් පමණක් විය.) එමෙන්ම එවැනි ව්‍යාපාරික ලිපි ලේඛන කටයුතුව යෙදීමේහි හැකියාවක් සහිත පුද්ගලයන්ද නාවික හමුදාව සතුව නැති බවද දැනගැනිමට තිබේ.

මේ නිසා මේවන විට එම ව්‍යාපාරය නාවික හමුදාවට විශාල බරක් වී ඇති අතර මේ තත්වය මත නැවත එම ව්‍යාපාරය ඇවන්ගාඩ් සමාගමටම හෝ ඇමැතිවරුන් දෙදෙනකු හා ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විසින් මේවන විටත් අලුතෙන් පිහි‍ටුවා ඇති සමුද්‍රාරක්ෂක සමාගම් 5 ට හෝ ලබාදීමට රජය තීරණය කරනු ඇති බව පැවසේ. ඒ කෙසේ නමුත් ඇවන්ගාඩ් සමාගම හා පවතින ගිවිසුම් අනුව එය වෙනත් ව්‍යාපාරිකයන්ට පැවැරිය නොහැක.එසේ කරන්නේ නම් ඩොලර් බිලියන 3 ක වන්දි ඉල්ලා නඩු පැවැරීමට එම සමාගම කටයුතු කිරීමට සූදානමින් සිටින බවත් වාර්තාවේ.

මේ අතර මව්බිම පුවත්පත වාර්තා කරන ලෙස නාවික හමුදාව මෙම ව්‍යාපාරය ලබා ගෙන මේ වන විට මාසයකට ආසන්න කාලයක් ගතවී ඇති නමුත් ලබාගෙන ඇති මාසික ආදායම රුපියල් කෝටි 21 කි.(දිනක ආදායම ලක්ෂ 70 කි) රාජිත සෙනාරත්න මහතා මීට දින කිහිපයකට පෙර පැවැසූවේ ඇවන්ගාඩ් සමාගම විසින් දිනකට කෝටි 3ක ආදායමක් ලබා ඇති බවය. එනම් මාසේට කෝටි 90 ක පමණ ආදායමක් ලැබූ බවය.

එහෙත් නාවික හමුදාවට දිනකට කොටි 2 ක ආදායමක් ලබා ගැනීම මුල් දින දෙක තුනේදී පමණක් සිදු වී ඇත. එය කෙමෙන් අඩු වී ගොස් අද වන විට දිනක ආදායම ලක්ෂ 70 ක් දක්වා පහත බැස තිබේ.

 

 

Last modified on Saturday, 12 December 2015 17:26

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us