ගමනගමන කොමිසමේ සභාපතිට පෞද්ගලික අංශයෙන් පඩි

Published in පුවත්
Tuesday, 07 June 2016 16:25

ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති එම් ඒ පී හේමචන්ද්‍ර, පෞද්ගලික බස් සමාගම් හිමිකරුවන්ගෙන් මාස් පතා වැ‍ටුප් හා වරප්‍රසාද ලබා ගනිමින් එම කොමිසමෙන් බලාපොරොත්තුවන සාධාරණ හා ස්වාධීන මෙහෙවර විනාශ කරමින් සිටින බවටත් ලංකා ගමනාගමන මණ්ඩලය බංකොලොත් කිරීමෙහි යෙදී සිටින බවටත් එම කොමිසමට සම්බන්ධ සේවක පිරිසක් ජනාධිපතිවරයා ඇතුලු වගකිව යුතු බලධරයන් වෙත ලිඛිතව දන්වා ඇත.

ඒ අතර පෞද්ගලික අංශයේ බස් හිමියන් කිහිප දෙනෙකුට අවශ්‍ය පරිදි එම අංශයේ බලපත්‍ර නිකුත් කිරීම , ගමන් වාර ලබාදිම ආදිය සම්බන්ධයෙන් බරපතල චෝදනා ‍රැසක්ද සභාපතිවරයාට එල්ලව තිබේ.

එමෙන්ම ගාල්ලෙ පැවැති මැයි දිනය සඳහා ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාලද සිල්වා ගේ ආධාර කරුවන් බදුල්ලෙ සිට ගාල්ලට ගෙන ඒම වෙනුවෙන් රුපියල් 180 ගනනෙ බත් පැකට් 2000ක් සහ රුපියල් 1200 ගනනේ අරක්කු බොතල් 100 ක් වෙනුවෙන් බස් හිමිකරුවකු රුපියල් 3,60,000 ක් වැය කර තිබේ. පසුව කොමිසමේ සභපතිවරයා විසින් එම බස් හිමිකරුවාගේ වියදම පියවන්නැයි කියමින් මාතර ප්‍රදේශයේ අනෙකුත් බස් රථ හිමියන්ගෙන් මුදල් එකතු කිරීමක් සිදු කර ඇති බවටද චෝදනාවක් තිබේ.

මෙලෙස තවත් අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විභාග කර බලා මෙරට පෞද්ගලික අංශයේ බස් රථ හිමියන්ට වන අසාධාරණය සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස මෙම සේවක පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

මේ අතර සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය විසින් කොමිසමේ සභාපතිවරයා විසින් ඒකාබද්ධ කාලසටන් ක්‍රමයක් හඳුන්ව දෙමින් පෞද්ගලික අංශය ශක්තිමත් කිරීමට වෙර දරන බවට චෝදනාවක් ද ඉදිරිපත් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us