රවී - අර්ජුන් සටනින් රවී දිනුම්

Published in පුවත්
Saturday, 11 June 2016 09:24

රටේ ආර්ථික ක්ෂෙත්‍රය සම්බන්ධයෙන් මේවන විට පවතින ජනතා විරෝධය යටපත් කිරීම සඳහා මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ එම ඇමැති තනතුර වෙනස් කිරීම හෝ මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්ර්න් මහතාගේ එම ධූර කාලය දීර්ග නොකිරීම යන දෙකෙන් එකක් ‍තෝරා ගැනීම විය යුතු බවට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් අගමැතිවරයාගේ පාර්ශ්වයට දැනුම් දී ඇත්තත් අගමැතිවරයා මහ බැංකු අධිපති කෙරෙහි තව දුරටත් විශ්වාසය තබා ගෙන සිටින බව දැන ගැනීමට තිබේ.

එහෙත් රවී කරුණානායක මහතාට ශ්‍රි ලනීප මන්ත්‍රීවරුන්ගේද විශ්වාසය දිනා ගැනිමට පසුගියදා ඔහුට එරෙහිව පැවැති විශ්වාසභංග යොජනාවේ ඡන්ද විමසීමේන් පැහැදිලි විය. මේ අනුව රවී කරුනානායක මහතා තව දුරටත් මුදල් ඇමැති තනතුරෙහි කටයුතු කරනු ඇත. ඔහුට වත්මන් ආණ්ඩුවේ මුදල් ඇමැති ධුරය පිරිනැමීමද ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් මත සිදුව තිබිණි. අගමැතිවරයාට ඉදිරිපත් කළ රවී හෝ අර්ජුන් යන දෙදෙනාගෙන් කෙනෙකු ‍තෝරා ගත යුතු බවට වන යෝජනාවද ජනාධිපතිවරයාගේ යොජනාවක් බවද දැන ගැනීමට තිබේ.

එහෙත් ඔහුට එරෙහිව ඇති චොදනා සාධාරණීය කරනය කිරීමේ ගැටලුවක්ද මේ වන විට පැන නැගී තිබේ. මන්ද එම කිසිදු චෝද්නාවක් මූල්‍ය අක්‍රමිකතාවයක් ලෙස විග්‍රහ කිරීමේ හැකියාව අතිශ්ය සීමා සහිත වීමය. මෙරට මූල්‍ය වෙළඳ පොළේ පවතින නිදහස් තරගකාරිත්වය හා ප්‍රාග්ධන හැකියාව විසින් ඇති කරවනු ලබන තත්වයන් මහ බැංකු අධිපතිවරයා පෞද්ගලිකව වගකිව යුතු බවට අර්ථකතනය කිරීම සිදු කළ නොහැකි බව මුල්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් පිරිස් පෙන්වා දෙති.

කෙසේ නමුත් අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් ආර්ථිකය සම්බන්ධයෙන් එජාපය තුල ප්ර්කට චරිත වන රවී කරුණානායක හර්ෂ දි සිල්වා ඉරාන් වික්‍රමරත්න වැනි අය පවා මේ වන විට පෙනී සිටින්නේ නැත. එය අගමැතිවරයා කෙරෙහි ඇති විරෝධයක් නිසා බවද පැවසේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us