ඖෂධ නියාමනය, දැන් ජයසිංහට ඕනෑ හැටියටයි.

Published in පුවත්
Sunday, 12 June 2016 12:52

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීම සඳහා ගෙන ආ ඖෂධ නියාමන අධිකාරි පනත අනුව පිහිටවූ එම අධිකාරියේ සභාපතිධුරය ඉසුලූ මහාචාර්ය ලාල් ජයකොඩි මහත හා ප්‍රධාන විධායකධුරය ඉසුලූ මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසූරිය යන මහත්වරුන්ට ඉල්ලා අස්වන තැනට වැඩ සලස්වා මේ වන විට එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස දොස්තර කමල් ජයසිංහව පත් කර තිබේ.

පසුගිය පෙබරවාරී මාසයේදී ද ලාල් ජයකොඩි හා ක්‍රිෂාන්ත වීරසූරිය යන මහත්වරුන්ව එම තනතුරුවලින් නෙරපා හැරීමට සෞඛ්‍ය අමත්‍යංශ්ය කටයුතු කර තිබිණි. එහිදී එම තනතුරු සඳහා විවිධ චෝදනා ‍රැසක් එල්ල වී තිබුණු දොස්තර වෛද්‍ය අතුල කහඳවලියනගේ සහ දොස්තර කමල් ජයසිංහව තාවකාලිකව එම තනතුරු වලට පත් කරන ලදී.

එහෙත් සමාජයෙන් එල්ල වූ දැඩි බලපැම් හමුවේ මහාචාර්ය දෙපලට යළි එම තනතුරු බාර ගන්නා ලෙස , ජනාධිපතිවරයාට පැවසීමට සිදුව තිබිණි. එහෙත් ඔවුන් දෙදෙනාට නව පනතේ නීති රීති අනුව එම රාජකාරිය නියමාකාරයෙන් ඉ‍ටු කිරීමට අවස්ථාව ලැබුනේ නැත. දැවැන්ත ඖෂධ සමාගම් වලින් හා සෞඛ්‍ය ඇමැතිවරයාගේ පවුලේ සාමාජිකයන්ගෙන් පවා එල්ල වූ පීඩනයන් හමුවේ ඔවුන් ඉල්ලා අස්විය.

ඒ අනුව රාජිත සෙනාරත්න මහතාගේ සමීපතම හිතවතකු වන කමල් ජයසිංහට මේවන විට ස්ථිර පත්වීමක් ලැබ තිබේ. අධිකාරී පනත අනුව එම අධිකාරියේ කමිටු සාමාජිකයන් 13න් දෙනාගේ කැමැත්ත මත මෙම තනතුරු පි‍රැවිය යුතු නමුත් එසේ කැමැත්ත විමසීමක් සිදු කර ඇති දැයි දනගැනිමට නැත.

එමෙන්ම පසුගිය මාර්තු මාසයේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛදය සැපයුම් අංශයේ අධ්‍යක්ෂක වරයා ලෙස මාහාචාර්ය ලාල් පානාපිටිය මහතා කටයුතු කරමින් සිටියදී ඊට ඉහළින් 'නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, (වෛද්‍ය සැපයුම්)' නව තනතුරක් සකස් කර දොස්තර කමල් ජයසිංහව ඒ සඳහා පත් කරන ලදී. ඒවන විට සෞඛ්‍ය ඇමැතිවරයා සිටියේ සිංගප්පුරුවේ රෝහලක වන අතර මෙම කටයුත්ත සිදු කරන ලද්දේ ඔහුගේ බිරිඳ හා පෞද්ගලික ලේකම් වන සුජාතා සේනාරත්න විසින් බවද වාර්තා විය.

කෙසේ නමුත් ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් ඖෂධ මා‍ෆියාකරුවන්ට තිබූ ගැටලුව වූයේ ඔවුන් විසින් ගෙන්වනු ලබන ඖෂධ අධිකාරියේ ලියාපදිංචි කර ඊට අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් හා එහි මිළ ගනන් තීරණය කිරීම සම්බන්ධයෙනි. අධිකාරි පනත අනුව එහි ලියාපදිංචි කිරීමෙන් තොරව මෙරටට කිසිදු ඖෂධයන් ගෙන්වීම සිදු කළ නොහැක. එහෙත් හදිසි අවස්ථාවකදී හෝ අත්‍යාවශ්ය තත්වයක් යටතේ යම් ඖෂධයක් ලියා පදිංචි නොකළත් ඊට අනුමැතිය ලබා ගැනීමේ විශේෂ සහතිකයක් මත ඖෂධ ගෙන්වීමේ අවසරය ලැබෙයි. එහෙත් එහිදී එම ඖෂධය නිශ්පාදනය කරන සමාගම ,එය මිළදී ගත් සමාගම , නිශ්පාදන මිළ ගනන් හා ඖෂධයේ ගුණාත්මක භාවය ආදිය සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු සියල්ල අධිකාරියට ලබා දිය යුතුය. එහෙත් ඖෂධ මා‍ෆියාකරුවන් පසුගිය කාලයේ මේ කිසිවක් අධිකාරියට ලබා නොදී බාල , හොර බෙහෙත් පවා මෙරටට ගෙන්වා බෙදා හැර තිබිණි. ඒ බිලියන් ගනනින් ලාබ උපයන විශාලම ජාවාරමක් විය. නියාමන අධිකාරියෙහි මහාචාර්යවරු දෙපල විසින් මේ තත්වයට වැට බැඳීම නිසා මේ ජාවාරම් කරුවන් කුපිත විය. ඒ මඟින් ඇතැමුන් මේරටට අත්‍යවශ්‍ය ඖෂධ, ලියාපදිංචි ඖෂධ පවා ගෙන්වීම පමා කරමින් ඖෂධ හිගයක් ඇතිවීමට හා නව නිත්‍යානූකූල ක්ර්මවේදය අවුලෙන් අවුලට පත් කිරීමට ද සමත් විය. අවසානයේ මහාචාර්ය දෙපලටද ගෙදර යාමට කටයුතු සිදු කළේය.

මේ අනුව ඉදිරියේදී කමල් ජයසිංහ විසින් මේ ඖෂධ හිඟය දුරු කිරීම ඔහුගේ ක්ර්මයට ඇමැතිවරයාගේ කැමත්ත හා ආශිර්වාදය මත සිදු කරනු ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us