මහනුවර නගරාධිපති සටනට එජාපයෙන් සුපිරි තරුවක් !

Published in පුවත්
Sunday, 24 July 2016 08:32

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මහනුවර මහ නගර සභාවේ නගරාධිපතිධුරය වෙනුවෙන් ශ්‍රි ලංකාවේ ජාතික රගර් කණ්ඩායමට ද නායත්වය දුන් කීර්තිමත් ක්‍රීඩකයකු වූ නාලක වීරක්කොඩි මහතා තරග කිරීමට නියමිත බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.

අනූව දශකයේ මැද භාගයේදි මහනුවර තරුණ රග්බි සමාජය හරහා ජාතික තලයේ රග්බි තරගාවලි සඳහා සහභාගි වන ඔහු මහනුවර ක්‍රීඩා සමාජයේ නායකත්වයටත් 1996 වසරේ සිට ශ්‍රිලංකා ජාතික රගර් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයකු ලෙස කටයුතු කළ අතර 2003 වසරේදී මෙරට සත් සාමාජික රගර් කණ්ඩායමේ නායකත්වයට පත්වන අතර රට වෙනුවෙන් ජාත්‍යන්තර තරග ‍රැසකටද සහභාගී විය. CR&FC කණ්ඩායමටද ඔහු කලක් ක්‍රීඩා කළේය.ඔහුගේ වසර 12ක් ක්‍රීඩා දිවිය තුල වාර්තාගත ජයග්‍රහණයන් ‍රැසකටම ඔහු දායකත්වය සපයා ඇත

මෙරට රග්බි ක්‍රීඩාව රාජපක්ෂවරුන්ගේ අණසකට යටත්වීමෙන් පසුව එනම් තිස් එක්වැනි වියේදී එනම් 2007 වසරේ අගභාගයේදී දේශීය රග්බි ක්‍රීඩාවට ඔහු සමුදුන් අතර මේ වන විට මහනුවර ප්‍රදේශයේ පාසල් කිහිපයක රග්බි පුහුණු කරුවකු ලෙසද සේවය කරයි. මෙරට රග්බි උන්මාදයෙන් පෙලෙන ක්‍රීඩා ලෝලින් විශාල ප්‍රමාණයක් සිටින්නේ මහනුවර ප්‍රදේශයේය. එමෙන්ම එම ක්‍රීඩා ලෝලින් අතර ජනප්‍රිය ක්‍රීඩකයකු වූ නාලක මහනුවර මහ නගර සභා මැතිවරණයට ඉදිරිපත් වීම මඟින් දැන්ටමත් එජාපය ජයග්‍රාහී පියවරක් තබා ඇති බව එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අදහසය. නාලක දේශපාලනයට පිවිසෙන්නේ එජාප සභාපති මලික් සමරවික්‍රම මහතාගේ මඟ පෙන්වීම යටතේය. මහනුවර ක්‍රීඩා සමාජය මෙහෙයවන්නේද මලික් සමරවික්‍රම මහතාය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us