ප්‍රවෘත්ති අධ්‍යක්ෂ රංග කලංසූරිය ඉල්ලා අස්වේ ! Featured

Published in පුවත්
Tuesday, 26 July 2016 14:17

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය අද (26) සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දී තිබේ.

පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් රංග කලංසූරිය භයානක පුද්ගලයකු බවත්, ඔහු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කොටවන්නට කටයුතු කරන්නකු බවත් පවසා තිබුණු බව ‘මව්බිම’ පුවත්පත වාර්තා කර තිබිණි. ඉරිදා මව්බිම පුවත්පතේ කැබිනට් එක තීරුවේ පළ වූ මේ කරුණ අසත්‍ය බවක් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මෙතෙක් නිවේදනය නොකිරීම නිසා ආචාර්ය රංග කලංසූරිය මෙසේ ඉල්ලා අස්වීම භාර දී ඇත. ඔහුට සමීප ආරංචි මාර්ග පවසන්නේ අදාළ මව්බිම පුවත්පත 23 වැනි සෙනසුරාදා වෙලඳපොළට නිකුත් කළ බවත්, දින තුනක් ගතවීත් ඊට ප්‍රතිචාරයක් නොදැක්වීම සැලකිය යුතු කාරණයක් බවත් ආචාර්යවරයා පැවසූ බවයි.

කෙසේ වෙතත් අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් භාරගෙන නැති බවත්, ඒ වෙනුවට ඇතැම් පුවත්පත් වල අසත්‍ය ප්‍රචාරයන් ගණන් නොගන්නා ලෙස ආචාර්යවරයාට දැනුම් දී ඇති බවත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරයා, අගමැතිවරයා, ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක සහ නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මේ ගැටළුව සම්බන්ධයෙන් අද උදෑසන සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර, එහි දී තීරණය කර ඇත්තේ රංග කලන්සූරියට එරෙහිව අසත්‍ය පුවත් පළ කිරීමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ය.

‘රංග කලංසූරිය භයානක මිනිහෙක්-මෛත්‍රීගෙන් හෙළිදරව්වක්’ යන ශීර්ෂ පාඨය යටතේ පළ කර තිබූ අදාළ ලිපියේ උප ශීර්ෂ පාඨයක් යටතේ ‘රනිල්-මෛත්‍රී කොටවන්නත් හදලා’ යනුවෙන් ද සඳහන් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us