යහපාලනයට, මහින්ද අබේසුන්දරලා අවශ්‍ය කර තිබේ.!

Published in පුවත්
Monday, 01 August 2016 09:07

විපක්ෂයට ඉඩ දෙන්න එපා.. කුඩුවෙන්න ගහන්න.. යැයි මේ දිනවල රාජ්‍ය මාධ්‍ය ප්‍රධානින්ට ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් හා ජනාධිපති කාර්යාලය පැත්තෙන් නියෝග නිකුත් වෙන්නට පටන් ගෙන ඇති බව රාජ්‍ය මාධ්‍යයන් හී සේවය කරන මාධ්‍යවේදීන් පවසයි.

යහපාලනය යටතේ රාජ්‍ය මාධ්‍යයන් ස්වාධීන ආයතන ලෙස පත්වාගෙන යන බවට වත්මන් පාලකයෝ නිරන්තරයෙන් දෙඩෙව්වත් මේවන විට රාජ්‍ය මාධ්‍ය සුපුරුදු ලෙස ආණ්ඩු පක්ෂග්‍රාහී මාධ්‍ය භාවිතාවට පැමිණෙමින් තිබෙන බවට චෝදනාවක්ද විපක්ෂ කණ්ඩායම් වලින් පසුගිය දින වලදී එල්ල විය. රාජ්‍ය මාධ්‍යවල වගකීම්වලට පසුගිය වසරේ ජනවාරි 08 වෙනි දිනෙන් පසුව පත් වූ ප්‍රධානීන් යහපාලන සංකල්ප පෙර‍ටු කරගෙන සියලු පාර්ශ්වවලට සාධාරණ ලෙස එම වගකිම ඉ‍ටු කරලීම මුල් කාලයේදි දකින්නට ලැබුණද විශේෂයෙන්ම මහින්දවාදින්ගේ පාගමන ඇරඹීමත් සමග ආණ්ඩුවට පක්ෂපාති පිලිවෙතක් මෙම මාධ්‍යවල දකින්නට ලැබිණි. ඊට හේතුව වී තිබෙන්නේ ඉහත කී ලෙස එම ප්‍රධානින්ට එල්ල වී ඇති ආණ්ඩුවේ දේශපාලන බලපෑමය.

පසුගිය කාලයෙහි පෞද්ගලික මාධ්‍යයන්වලටද ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ පාර්ශ්වයන් වලින්ද දැඩි බලපෑම් එල්ල වී තිබිණි. ඇතැම් ආයතනය ප්‍රධානියකුට පෞද්ගලික දුරකතන ඇමැතුම් ගෙන තර්ජනය කළ බවද දැන ගැනීමට තිබේ.

රාජ්‍ය මාධ්‍යවලට මෑතක සිට එල්ලා වී ඇති බලපෑම මත විපක්ෂයේ පුවත් ගනනාවක්ම රුපවාහිනී හා ගුවන් විදුලි නාලිකාවලින් ගලවා දැමීමට සිදුව තිබේ. එමෙන්ම ලේක් හවුස් ආයතනයේ පසුගිය දින කිහිපයේදී පළ කිරීමට සූදානම් කළ පුවත් පත් වලින් පාගමනට අදාල පුවත් 20 කට අධික ප්‍රමාණයක් ගලවා ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කොට තිබෙන බවද දැන ගැනීමට තිබේ.

කෙසේ නමුත් මේවන විට දේශපාලන අධිකාරියෙහි නියෝග මත ආණ්ඩු පක්ෂග්‍රාහී ලෙස රාජ්‍ය මාධ්‍යන් පවත්වාගෙන යාමට සිදුව තිබුණත් විපක්ෂයේ මතවාදයන් බිඳ දමා ආණ්ඩුවට පක්ෂග්‍රාහී ලෙස මතවාදයන් ජනතාව අතරට ගෙන යාම සඳහා ලිවීමෙහි බිනීමෙහි දක්ශයන් නොමැති වීමේ අර්බුදයක් හටගෙන තිබේ. පසු ගිය රාජපක්ෂ සමයේදී මහින්ද අබේසුන්දරලා හඩ්සන් සමරසිංහලා වැන්නවුන් මේ කොන්ත්‍රාත්තුව ඉතා විශිෂ්ට ලෙස ඉ‍ටු කළහ. ඒ අනුව වත්මන් ආණ්ඩුවට මුදලට හෝ කඩේ යාමට පිරිස හිඟව තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us