චීන්නු යහපාලනය සමඟත් අතයට ගනුදෙනු

Published in පුවත්
Sunday, 21 August 2016 09:28

මෙරට සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අපේක්ෂාවෙන් පසුවන චීනයේ දැවැන්ත සමාගම් කිහිපයක්ම මෙරට දේශපාලන ප්‍රධානින් ගනනාවකට කොමිස් මුදල් ලබා දී එම ව්‍යාපෘති තමන් වෙතට ලබා ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව දැන ගැනීමට තිබේ.

මෙම චීන සමගම් පසුගිය රාජපක්ෂ සමයේද මෙරට සංවර්ධන ව්‍යාපෘති සියල්ලම පාහේ ලබ ගත්තේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වෙත දැවැන්ත පරිමාණයෙන් කොමිස් මුදල් ප්‍රදානය කරමින්ය. ඒ බව මේ වන විට හෙළිව තිබේ. විශේෂයෙන්ම මේ වෙනුවෙන් චීන දේශපාලන අධිකාරියේ සහයද හිමිව තිබූ අතර චිනයට අවශ්‍යවූයේ ඉන්දියාවේ සහ අමරිකාවේ බලපැමෙන් ශ්‍රී ලංකාව මුදවා චිනයේ අණසක පතුරුවාලිය හැකී රාජ්‍යක් බවට මෙරට පත් කර ගැනීමය.

ඒ ලෙසම වර්තමාන යහපාලන ආණ්ඩුවේ ඉහළම ප්‍රධානින් කිහිප දෙනෙකුටම කොමිස් ප්‍රදානය කිරීම සඳහා පියවර ගෙන ඇති නමුත් එලෙස කොමිස් ලබා ගැනිම එක් ප්‍රදානියකු විසින් දැඩිව ප්‍රතික්ෂේප කිරීම නිසා අනෙකුත් ප්‍රධානින්ට කොමිස් ලබා දීම සම්බන්ධයෙන්ද අවුලකට පත්ව තිබෙන බව චීන තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් ඇමැති මට්ටමේ ප්‍රධානියකු මෙම කොමිස් මුදල් ලබා ගැනීම සඳහා දැඩි වෙහෙසක් ගනිමින් සිටින බවද දැන ගැනිමට තිබේ.

ඒ කෙසේ නමුත් මේවන විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජය සමඟ වන සම්බන්ධතා වැඩි දියුණු කර ගනිමින් මෙරට සංවර්ධන ව්‍යපෘති වෙනුවෙන් හා මෙරට ආයෝජනය සඳහා චීන රජයේත් ව්‍යාපාරික ප්‍රජාවගේත් සහයෝගය දිනා ගැනීමට සමත්ව තිබේ. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉන්දියානු හා අමරිකානු බලපැමට යටත්ව කටයුතු කිරීමට සිදුවීම මත මෙරට කෙරෙහි චීනයේ වර්තමාන මැදිහත්වීම අසීරු කරුණක් වී තිබේ. මේ හේතුවෙන් කවර මිළක් හෝ ගෙවා මෙරට දේශපාලන් ප්‍රධානින් තමන් කෙරේ පක්ෂපාත කරගැනීම චිනයේ උත්සාහය වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us