ඉන්දියාවේ තානාපති සේවයට ගිය ක්‍රිෂ්ණා එහෙ පුරවැසිභාවය අරගෙනලු

Published in පුවත්
Wednesday, 24 August 2016 09:56

දකුණු ඉන්දියාවේ(චෙන්නායි) ශ්‍රී ලංකා නියොජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම සඳහා වත්මන් ආණ්ඩුව විසින් පත් කර යවන ලද පළපුරුදු රාජ්‍යතාන්ත්‍රික නිළධාරියකු වන නියොජ්‍ය මහ කොමසාරිස් වඩිවේල් ක්‍රිෂ්ණමූර්ති මහතා ඉන්දියාවේ පුරවැසිභාවය ලබා ගෙන ඇති බව වාර්තාවේ.

මේ අනුව ශ්‍රි ලංකාවේද පුරවැසියකු වන ඔහු ඉන්දියාවේද පුරවැසියකු ලෙස කටයුතු ද කරමින් මෙරට වෙනුවෙන් කරන සේවය කුමක්ද යන්න ගැටලු සහගත බව විදේශ සේවයට සම්බන්ධ පිරිස් පවසති. කෙසේ නමුත් ඔහු මෙරට ඉන්දීය දෙමළ සම්බවයක් සහිත ප්‍රථම රාජතාන්ත්‍රික නිළධාරියා ලෙසද සැලකේ. ඔහුගේ මුතුන් මිත්තන් මෙරට නුවරඑළිය තේ වතු ආශ්‍රිත කම්කරු සේවය සඳහා ඉංග්‍රීසි ආණ්ඩුව විසින් මෙරටට ‍රැගෙන එන ලද දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ පුරවැසියන් වේ.

මේ අතර ඉන්දියාවේ නව දිල්ලි නුවර මහ කොමසාරිස්වරිය ලෙස විදේශ අමාත්‍යංශයේ හිටපු ලේකම් චිත‍්‍රාංගනී වාගීෂ්වර පත් කර යැවීම සම්බන්ධයෙන්ද ඉන්දියාවේ සතුටක් නොමැති බවත් ඉන්දියාව සම්බන්ධයෙන් මෙරට විදේශ අමාත්‍යංශය කටයුතු කරන ආකාරය ගැනත ඉන්දියාව සිය රාජ්‍ය තාන්ත්‍රික කනස්සල්ල පළ කර ඇති බවත් දැන ගැනීමට තිබේ. විශේෂයෙන්ම විදේශ අමාත්‍යංශ නිලධාරීන්ගේ ආකාර්යක්ෂමතාවය සම්බන්ධ චෝදනා ගනනාවක් ඉන්දියානු රජය විසින් සිදු කර තිබෙන බවද වාර්තා වේ. ලබන ඔක්තොබර් මාසයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉන්දීය රාජ්‍ය නායකය හමුවීමක් වෙනුවෙන් නිල ආරාධනයක් සිදු කර ඇති බවද දැන ගැනීමට තිබෙන අතර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ එහිදී ප්‍රශ්න ගනනාවකට පිලිතුරු බැඳීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇති බවය. විශේෂයෙන්ම චීනය කෙරෙහි දක්වන වැඩි නැඹුරුතාවය මේවන විට ඉන්දියාවට විශාල ගැටලුවක්ව පවතී.

මේ අතර පසුගියදා පෞද්ගලික සංචාරයක් ලෙස ඉන්දියාවේ තිරුපති වන්දනාවේ ගිය ජනාධිපතිවරයා එම සංචාරය සම්බන්ධයෙන් ඉන්දියාවේ මෙරට මහ කොමසාරිස් කාර්යාලයට හෝ පුර්ව දැනුම් දීමක් සිදුකර නොතිබිම හා ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද යම්ගැටලු කාරිත්වයකට මුහුණ පා තිබීම සම්බන්ධයෙන්ද මේ දිනවල කසුකුසුවක් තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us