මහීපාලගේ මෛත්‍රී ප්‍රේමය, මහින්ද රජ වෙනකම් විතරලු !

Published in පුවත්
Tuesday, 13 September 2016 18:09

සබරගමු පළාත් ප්‍රධාන ඇමැතිවරයාව සිටින මහීපාල හේරත් මහතා පසුගියදා සිය ආධාරකරුවන් ‍රැසක් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී කියා ඇත්තේ තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීපව සිටින්නේ පළාත් සභාව විසුරුවා හරින තෙක් පමණක් බවත් ඉන් පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනගන නව පක්ෂයට එකතු වන බවත්ය. පසුගිය දිනවලදී ඔහු මහින්ද පිලෙන් ඉවත් වී සිටින අයෙකු ලෙස හැ‍ඟෙන ලෙස කටයුතු කිරීම නිසා ඔහුගේ ආධාරකරුවන් නොසන්සුන් වීම මත මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

මේ වන විට ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා මහින්ද රාජපක්ෂ මහතා සමග නව පක්ෂයක් ගොඩනැගීම සඳහා වෙහෙසෙමින් සිටින බවත් පෙන්වා දී ඇති ඔහු පසුගිය ජුනි මාසයේදී අනෙකුත් පලත් ප්‍රධාන ඇමැතිවරු සමඟ මාධ්‍ය හමුවකට එක්වී මහින්ද වාදීන්ගේ පා ගමනට එක්වන්නෙ නැති බවට ප්‍රකාශ කළේ සිය ප්‍රධාන ඇමැතිධුරය ‍රැක ගැනීම සඳහා පමණක් බවත් අවධාරණය කර තිබේ. මහිපාල හේරත් මහතා එතෙක් පෙනී සිටියේ මහින්දවාදියකු ලෙසය. එම හමුවට තමා සහභාගී වූයේ ශ්‍රිලනිප ලේකම් දුමින්ද සිල්වා මහතාගේ ඉල්ලීම අහක දැමිය නොහැකි නිසා බවත් මෙහිදී ඔහු පවසා තිබේ.

දුමින්ද සිල්වා මහතාගේ පියාවන අභාවප්‍රාප්ත බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා හා මහීපාල හේරත් මහතා අතර තිබූ ඉතා සමීප මිත්‍රත්වය නිසා දුමින්ද දිසානයක මහතාගේ විශේෂ කරුණාවක් හේරත් මහතා වෙත පවතී. මේ නිසා ඔහුගේ මහ ඇමැතිධුරය සුරක්ෂිතව පැවැතීමට එය එකම හේතුව වී ඇත. මෙහිදි ඔහුට හිතවත් මෙම කණ්ඩායම හමුවේ ' ..දැන්ම උඹලා කලඹල නොවී හිටපන්.. පළාත් සභා මැතිවරණය වෙනකම් ඉවසල ජනාධිපතිවරයාට පක්ෂපාත කම පෙන්වගෙන ඉදිමු ..' යනුවෙන් පවසා ඇත.

කෙසේ නමුත් පසුගිය අගෝස්තු 02වන දා පැවැති ශ්‍රී ලනීපයේ කැගලු දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන්ගේ ‍රැස්වීමටද මහීපාල හෙරත් මහතා සහභාගී වී නොසිටියෙය. ඔහු රඹුක්කන ආසන සංවිධායකවරයා වෙයි.ඔහු ශ්‍රීලනීප සංවත්සරයට වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික් සියලු ප්‍රධානින් එක් වී පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගී වීමෙන්ද වැලකිනි. සංවත්සරයට ද සහභාගී නොවීය.

කෙසේ නමුත් මහීපාල හෙරත් මහතාව ප්‍රධාන ඇමැතිධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට පළාත් අධ්‍යාපන ඇමැති ප්‍රභාත් භානු මනුප්‍රිය මහතාව එම ධුරයට නම් කළ යුතු බවට මතයක් රත්නපුර දිස්ත්‍රික්කයේ පක්ෂ සංවිධානවලින් ඉල්ලීමක් ඉදිරිපත්වද තිබේ. එහෙත් දිස්ත්‍රික්කයේ දේශපාලන ප්‍රබලයකු වන ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා ඊට විරෝධය දක්වා ඇති බවත් වාර්තාවේ. ඒ බලංගොඩ ආසනයේ ඔහුගේ ඡන්ද පදනමට භානු මනුප්‍රිය බලපෑමක් සිදු කරනු ඇති බවට වන සැකය නිසා බවද පැවසේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us