ගෝඨාව සුදු මහත්තයෙක් කරන කොන්ත්‍රාත්තුව සිරස බාරගනී..

Published in පුවත්
Saturday, 07 January 2017 10:53

රාජපක්ෂ යුගයේ වූ දේශපාලන ඝාතන හා වෙනත් අපරාධ සම්බන්ධයෙන් වගකිව යුත්තකු ලෙස රට වැසියා හමුවේ ගැරහුමට පාත්‍රවී සිටින ගොඨාබයා රාජපක්ෂ, පිරිසිදු දේශපාලකයකු ලෙස මහත්මයකු ලෙස සරසා එළඹෙන ජනාධිපතිවරණයේ ශ්‍රිලනීප අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ කොන්ත්‍රාත්තුව සිරස ටීවී අධිපති කිලී මහරාජා විසින් බාර ගෙන තිබේ.

ජාතිවාදීයකු, ආගම්වාදියකු, යුධ උන්මන්තකයක නිලධාරියකු වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය ගේ දේශපාලන ආගමනය වෙනුවෙ සිරස ටීවී විශේෂ වැඩසටහන් මාලාවක් ප්‍රචාරය කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ. ‘ කඩමන්ඩිය ‘ නමින් හඳුන්වා ප්‍රචාරය කරන මෙම වැඩ සටහනෙදී ගොඨාබය සමග ගමින් ගමට ගොස් කඩමණ්ඩිවලදී ජනතාව මුණගැසී ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කිරීම සිදුකර ඊට පිලිතුරු ගොඨා වෙතින් ලබා දීමට සැලසුම් කොට තිබේ. ඒ හරහා ගොඨා ජනතාවදී සුහදශිලී දේශපාලන නායකයකු ලෙස ඔහුගේ ප්‍රතිරූපය සකස් කිරිම මෙහි අරමුණ වී ඇත.

එමෙන්ම රනිල් වික්‍රමසිංහට එරෙහිව අවලාද නැගීම හා ගොඨා මහතාගේ සොහොයුරා වන බැසිල් ගේ දේශපාලන ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමද මෙහි අරමුණ වී තිබේ. බැසිල් දේශපාලනික වශයෙන් ශක්තිමත් වීම ගොඨාගේ ජාතික දේශපාලන ආගමනයට බාධාවක්ව තිබීම මත බැසිල් සංවිධානය කළ කිසිදු දේශපාලන වැඩ සටහනකට ගොඨා සහභාගී නොවීමද පසුගිය කාලයේ කැපී පෙනුන සිදුවීමකි. බැසිල් එජාපයේ කොන්ත්‍රාත්තුවක් ඉ‍ටුකරමින් සිටින බවත් ඊට මහින්ද රාජපක්ෂත් අසුවී සිටින බවත් ගෝඨා පර්ශ්වයේ මතය වී තිබේ. එමෙන්ම ගොඨා මේ වන විටත් ජනාධිපති මෛත්‍රීපාල සමඟ ඉතා සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යයි. එමෙන්ම කිලී මහරාජා ජනාධිපතිවරයා හා ගෝඨා සමඟ ද ඉතා සමීප සම්බන්ධතාවයක් නඩත්තු කරමින් සිටී. ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය මුලුමනින්ම කිලී මහරාජා විසින් මෙහෙයවනුද ලබයි.

එසේම මෙම වැඩසටහන පාත් ෆයින්ඩර් නම් රාජ්‍ය නොවන සංවිධානයේ සභාපතී, ජනාධිපතිවරයගේ ජාත්‍යන්තර කටයුතු උපදේශකයකු මෙන් පෙනී සිටින මිලින්ද මොරගොඩගේ සැලසුමක් අනුව ක්‍රියාත්මක වන්නක් බවද දැන ගැනිමට තිබේ.

පාත් ෆයින්ඩර් ආයතන චීනයේ CICIR (China Institutes of ontemporary International Relations) ආයතනය සමඟ අවබෝධතාවකට එළෙඹෙමින් මෙරට දේශපාලනය කළමනාකරණය කිරීම මෙහෙයුමකට සම්බන්ධව සිටින බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාව ශ්‍රීලනිපයේ 2020 ජනාධිපති හෝ අගමැති අපේක්ෂකයා කිරීමේ මෙහෙයුමක සිටිනබව මීට පෙර අනාවරණය වී තිබිණි. මෙම ආයතනය චීනයේ විදේශ ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් වඩාත්ම බලපෑම්සහගත ආයතනයක් ලෙස සැලකෙන අතර චීන පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බුද්ධි මණ්ඩලයකි.

ඒ අනුව දැන් කට්ටිය සෙට් වී සිටින්නේ ගෝඨාගේ නැට්ටෙ එල්ලී දිව්‍ය ලෝකයේ යන්නය

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us