ඒ සමයෙහි හා මේ සමයෙහි හොරකම් ගැන යළි කතා බෑ ! ආණ්ඩුව තීරණයක් ගනී.

Published in පුවත්
Tuesday, 17 January 2017 11:40

පසුගිය පාලන සමයේ සිදුවු කප්පරක් වංචා දුෂණ අක්‍රමිකතා අපරාධ සම්බන්ධයෙන් තව දුරටත් කතා කිරීම නොකළ යුතු බවට ආණ්ඩුවේ පාර්ශ්ව දෙකේ නායකයන් විසින් තීරණයක් ගෙන ඇතැයි දැන ගැනීමට ලැබී තිබේ.

පසුගිය වසර දෙක පුරා ආණ්ඩුව මේ අකටයුතුකම් ගැන නිරන්තරයෙන් කතා කර කර තමන්ව බලයට පත් කිරීම සාධාරණීය කර ගැනීමට උත්සහ ගත්තේය. එහෙත් ඒහා සමානව වත්මන් ආණ්ඩුවද එම අකටයුතුකම් වල නියැලි සිටීම හා ඒ වැලැක්වීම සඳහා හෝ කිසිදු සාධනීය පියවරයන් අනුගමනය කිරීමට අසමත් වීම මත වෙනත් මාතෘකා ඔස්සේ සමාජ සංවාද ගොඩ නැගීමට තීරණය කර තිබේ. මේ අනුව සංවර්ධනය, තිරසාර සංවර්ධනය , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනාදී කරුණු කාරණා කෙරෙහි ප්‍රචාරක කටයුතු වැඩි කිරීමත් ඊට එරෙහි මතවාදයන් ද පොෂණය කිරීමත් සිදුකර සමාජ අවධානය වෙනතකට යොමු කිරීමට නියමිතය.

එසේම ඒ අනුව ආණ්ඩුවේ ප්‍රධානින් විසින් ප්‍රමුඛ මාධ්‍ය ආයතන වලටද පසුගිය ආණ්ඩුවේ හා වත්මන් ආණ්ඩුවේ වංචා දුෂණ ආදිය සම්බන්ධයෙන් පුවත් පලකිරීමෙන් වැලැකිය යුතු බවට මේ වනවිට බලපෑම් කරමින් ඇත. ඊට ප්‍රතිඋපකාරයක් ලෙස රජයේ ආයතන වල දැන්වීම වැඩි වශයෙන් ලබා දිමටද පොරොන්දු වී තිබේ. රාජපක්ෂ වරුන්ට හිතවත් මාධ්‍ය මෙන්ම වත්මන් ආණ්ඩුවට හිතවත් මාධ්‍ය ලෙස බෙදී වෙන්වීමක් වත්මනෙහි පැවැතුනද දෙපාර්ශ්වයටම හානියක් නොවන නිසා ගැටලුවකින් තොරව මෙම ප්‍රශ්නය බේරා ගැනීමට ආණ්ඩුව සමත්ව තිබේ.

මේ අනුව හෙට දිනයේදී මේ රට දුෂණයෙන් වංචාවෙන් තොර රටක් බව මේ මාධ්‍ය විසින්ම හැදින්වීම සිදුවිය හැකිය. රාජපක්ෂලාද සිරිසේනලාද වික්‍රමසිංහලාද උනුන් සමඟ වන හොර ‍රැළද තොත්ත බබාලා වනුද ඇත. රටේ පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවට බැවින් අවසානයේ අපරාධකරුවන් වන්නේද මේ ජනතාවමය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us