එම සමූහ වශයෙන් දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනාගෙන් එක් ඇයෙක් වූ යුද හමුදා සෙබළා උතුරු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුනා.ඔහුව ඊයේ කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය වෙත ඉදිරිපත් කලේය. 
 එම සැකකරුවා 8 වැනිදා දක්‌වා රක්ෂිත බන්ධනාගාර ගත කර එදින ඔහු හඳුනා ගැනීමේ පෙරට්‌ටුවකට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරිය කළුතර බන්ධනාගාර අධිකාරිට නියෝග කළේය.
 මෙම සැකකරු කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. එන්. අත්තනායක මහතා පරීක්‍ෂා කළ බවත් සැකකරු සමාජ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාට ඉදිරිපත් කරන ලෙස නිර්දේශ කර ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ  සැකකරුවන් 8 දෙනකු ඉකුත් 3 වැනිදා රක්‍ෂිත බන්ධනාගාර ගත කළ අතර එම 8 දෙනාගෙන් සිවු දෙදෙනකු මෙම තරුණියන් දූෂණය කළ බව කියන තරුණයන් වන අතර ඔවුන් මෙම මස 8 වැනිදා දක්‌වා රක්ෂිත බන්ධනාගාර ගත කර එදින හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබිණි.
ඉතිරි සැකකරුවන් තිදෙනා අතර හෝටල් කළමනාකරුද නාවික හමුදා භටයකු සහ ත්‍රීවීල් රථ රියෑදුරකුද ඇත.
	  
 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														