කැබිනට් එකේ සම්පූර්ණ සුද්ධයක් - සියලු ඇමැතිවරු සඳුදා උදේ 8.30ට ජනාධිපති කාර්යලයට කැඳවයි.

Published in පුවත්
Saturday, 20 May 2017 13:19

මාස කිහිපයක් පුරා සාකච්ඡාව ගැනෙමින් තිබූ ඇමැති මණ්ඩල සංශෝධනය එළඹෙන සඳුදා උදෑසන නියත වශයෙන්ම සිදුවන බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි. මේ වන විට සියලුම ඇමැති මණ්ඩල සාමාජිකයන්ට සඳුදා උදෑසන 8.30 වන විට ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස දැන්වීමට කටයුතු කොට ඇත. එමෙන්ම මේවන විට විදේශ ගතව සිටින සියලු ඇමැතිවරුන්ද එම අවස්ථාවට පැමිණිය යුතු බව දැන්වීමද සිදු කර ඇත.

කෙසේ නමුත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම සංශෝධනය ඇමැතිවරු කිහිප දෙනෙකුගේ ඇමැතිධුර මාරුවක් නොවනු ඇති බවය. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේවන විට මෙම ඇමැති සංශෝධනය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබෙන බවත් ඒ අනුව ඇමැතිවරු ගනනාවකගේ විෂයන් මාරු වීම සිදු වනු ඇත.

මේ වන විට ලැබී තිබෙන තොරතුරු අනුව රවී කරුණානායක, මංගල සමරවීර ,අර්ජුන රණතුංග, ගයන්ත කරුණාතිලක, චන්දිම වීරක්කොඩි, රංජිත් සියඹලා පිටිය ,දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර යන ඇමතිවරුන්ගේ ධුර නියත වශයෙන්ම වෙනස් වීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us