රුපවාහිනිය නාය යන ලකුණු.. අධ්‍යක්ෂ ජනරාල් උසාවියේ පදිංචි වෙයි

Published in පුවත්
Friday, 23 June 2017 20:50

ශ්‍රීලංකා රුපවාහිනි සංස්ථාවේ ප්‍රධානතම පරිපාලන නිලධාරියා ලෙස සැලකෙන අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස කටයුතු කරන නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා රූපවාහිනී සංස්ථාවට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ කාර්යාල මේසය මත කඳු ගැසී තිබෙන ලිපිගොනු නාය ගොස රූපවාහිනිය විනාශයට පත්වනු ඇතැයි එහි සේවකයන් පෙන්වා දෙයි.

තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා වෘත්තියෙන් නීතිඥවරයකු වන අතර ඔහුට මෙන්ම තවත් නීතිඥයන් ගනනාවකටම රජයේ ආයතනයහි ඉහළ තනතුරු ලැබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන තව නීතිඥවරයකු සමඟ තිබු හිතවත් කම නිසා බවටද පසුගිය කාලයේ කසු කුසුවක් තිබිණි.

කෙසේ නමුත් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා දිනපතා උදෑසන සිට සවස තෙක් උසාවි රජකාරි වලට යොමුවීම නිසා හා ජනාධිපතිවරයා සමඟ ඔහුගේ දෙස් විදෙස් සංචාරයන්ට නිරන්තරයෙන් සහභාගී වීම නිසා රුපවාහිනි සංස්ථාවේ පරිපාලන කටයුතු දිගින් දිගටම අඩපණ වෙමින් තිබේ. අවශ්‍ය මොහොතේ අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට නොහැකි වීම මත මේවන විට රුපවාහිනී සංස්ථාව විශාල ණය බරක හා පරිපාලනමය ගැටළු ගනනාවක සිරව ඇති බව සේවකයන් පවසයි.ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාද පසුගිය දිනවල පලවී තිබිණි.

පසුගියදා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා ලෙස හිටපු සභාපති නීතිඥ රවී ජයවර්ධන මහතාම පත් කරනු ලැබූ අතර අධ්‍යක්ෂ ජනරල් වරයා ලෙස ප්‍රකට පරිපාලන නිලධාරියකු වන අමල් ඉංදික ගජමන්ගේ මහතාව පත් කිරීමට තීරණය කර තිබූ බවද වාර්තා වී තිබිණි. එහෙත් එම පුවත සැලවීමත් සමඟ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා ජනාධිපතිවරයා හමුවී තමන්ගේ තනතුර ‍රැක දෙන ලෙස ඇවිටිලි කර ඇත. තමන් බැසිල් රාජපක්ෂට හා විමල් වීරවංශ යන අයට එරෙහිව වන නඩු සඳහාද පෙනී සිටින බැවින් තමන්ට ආරක්ෂාවක් තිබෙන්නෙ මෙම තනතුර නිසා බවද එහිදී පවසා ඇතැයි දැන ගැනීමට ඇත.

ඒ අනුව තව දුරටත් රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් වරය ලෙස ඔහුට කටයුතු කරීමට ඉඩ දෙන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම මත ඔහුගේ තනතුර වෙනස් නොකිරීමට ඇමැතිවරයා කටයුතු කොට ඇත. ඒ අතර අමල් ඉංදික ගජමන්ගේ මහතා රූපවාහිනියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරය ලෙස පත් කිරීමටද කටයුතු කර ඇතත් පරිපාලන කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණ ගත යුතු අධ්‍යක්ෂ ජනරාල් වරයා ආයතනයට නොපැමීණීම මත රූපවාහිනියේ කටයුතු තව දුරටත් අඩාල වෙමින් පවතින බව සේවකයන් පවසයි.

Last modified on Friday, 30 June 2017 10:26

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us