අලුත් උසාවියේ පළමු නඩුව ලෙස බැඳුම්කරය ගන්න, එජාපයෙන් ඉල්ලීමක්

Published in පුවත්
Wednesday, 03 January 2018 08:01

ප්‍රශ්න සහගත මහ බැංකු බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ කඩිනමින් සාකච්ඡාකොට අලුතින් ස්ථාපිත කරන නව මහාධිකරණ තුනෙන් එකක පළමු නඩු විභාගය බවට එය පත් කර ගන්නා ලෙසට එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් පිරිසක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

එජාපයේ මැති ඇමැතිවරුන් පිරිසක් එම ඉල්ලීම කොට ඇත්තේ ඊයේ (02දා) අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුණු අවස්ථාවකදීය.

එමෙන්ම බරපතළ වංචා සොයන ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් චෝදනා ගෙනුකොට ඇති අයට විරුද්ධවද ඒ සමඟම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන ලෙසද එජාප මැති ඇමැති පිරිස ඉල්ලා ඇත.

බැඳුම්කර වාර්තාවේ නිර්දේශයන් මොනවාද යන්න ගැන තවමත් හෙළිදරව් කර නොමැති අතර ඉදිරි දෙසතිය තුලදී ඒ මහජනතාවට හෙළි කරන බව ජනාධිපති ලෙකම් කාර්යාලය ජනතා විමුක්ති පෙරමුණට ලිඛිත පොරොන්දුවක් ලබා දී තිබෙන බවද ඊයේ වාර්තා විය.

2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත යටතේ එකී වාර්තාවේ තොරතුරු ලබාගැනීමට ඊයේ (02දා) එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා සහ නීතිඥ සුනිල් වටගල මහත්වරුන් ගිය අවස්ථාවේදී මේ පොරොන්දුව දී තිබේ.

කෙසේ නමුත් බැඳුම්කර වාර්තාවෙ කවරක් සඳහන්ව තිබුණද මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම අධිකරණය විසින් සිදු කළ යුතුය. අධිකරණය හමුවේ විභාගවන නඩුවේදී අදාල පාර්ශ්ව වලට නීතිමය වශයෙන් කරුණු දැක්වා තම තමන්ගේ නිර්දෝශී භාවයන් ඔප්පු කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත. ඒ අනුව අධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇත. එතෙක් කිසිවකුත් වැරදි කරුවන් නොවනු ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us