සාම්ප්‍රදායික ජනමාධ්‍යවේදියා බොරු කාරයෙක්

Published in පුවත්
Friday, 19 January 2018 12:31

සාම්ප්‍රදායික මාධ්‍යවේදියා විශ්වසනීයත්වයෙන් තොර වාර්තාකරණය සහ කිසිදු පදනමකින් තොරව ප්‍රවෘත්ති නිෂ්පාදනය කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් මාතර දිස්ත්‍රික්කයේ පාසල් ගුරුවරුන් වෙනුවෙන් සංවිධානය කළ වැඩමුළුව අමතමිනි. එම වැඩමුළුව අද (19) මාතර පර්ල් ක්ලිෆ් හෝටලයේ දී පැවැත්විණි.

 

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා.

‘‘2017 අවුරුද්දෙ අමෙරිකාවෙ සමීක්ෂණයක් කළා වෘත්තීන්වල විශ්වසනීයභාවය ගැන. ඒ ලැයිස්තුවේ අවසන් ම ස්ථාන හිමි වෙලා තිබුණෙ මාධ්‍යවේදීන්ට සහ දේශපාලඥයන්ටයි. ඒ කියන්නෙ අපි දෙගොල්ලොම එකම බෝට්ටුවෙ. දේශපාලනඥයාට එහෙම වුණේ ඇයි කියන කාරණාව මම කියන්න යන්නෙ නෑ.

අද වන විට සාම්ප්‍රදායික මාධ්‍යවේදියා පිළිබඳව ජනතාව තුළ තියෙන විශ්වාසය නැති වෙමින් තිබෙනවා. ඒකට හේතුව තමයි පදනමක් නැති වාර්තාකරණය. ඉස්සර පුවත්පත්වල කුමන වාර්තා පළ කළත් ඒකට පදනමක් තිබුණ. දැන් එහෙම නෙවෙයි, මාධ්‍යවේදියාගේ, විවිධ පුද්ගලයන්ගේ සහ දේශපාලනඥයන්ගේ වුවමනාවට පුවත් නිෂ්පාදනය කරනවා. නමුත් මේ නවීන සමාජය තුළ මේ බොරු පුවත්වලට ඉස්සරහට යන්න බෑ. ඒව ඔප්පු වෙනවා. ඒ එක්කම ජනමාධ්‍ය පිළිබද තියෙන විශ්වාසය නැති වෙලා යනවා. අද හැමෝම අතේ ස්මාර්ට් ෆෝන් තියෙනවා. ඒ හැම කෙනෙක් ම වාර්තාකරුවෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා වාරණය කියන දේ අදට වලංගු නෑ.

ප්‍රංශයේ නව ආණ්ඩුව කතාබහක් ඇති කරගෙන යනවා මේ බොරු පුවත් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන. ඒ කියන්නෙ එහෙම කතාබහක් ලෝකය තුළ ඇති වෙමින් තියෙනවා. මේ තත්ත්වයෙන් මිදෙන්න වාරණය සහ නීතිවලින් පමණක් බැහැ. අපි කළ යුත්තේ ගෝත්‍රික අදහස් බැහැර කළ නව පරපුරක් නිර්මාණය කිරීමයි.

ගූගල් සමාගම කියනවා සෙක්ස් කියන වචනය වැඩිම සර්ච් කරන්නෙ ශ්‍රී ලංකාවෙන් කියල. නිල් චිත්‍රපට වෙබ් අඩවි බලන වැඩි ම පිරිස අද ඉන්නෙ මැදපෙරදිග රටවල. තහංචි දාගෙන හිරකරගෙන ඉන්න තරමට මේ වගේ දේවල්වලට පෙළඹෙන එක වැඩි වෙනවා. විවෘත සමාජවල මේ තත්ත්වයන් නැහැ. ඒ නිසා ගුරුවරුන් විදියට ඔබට ලොකු වගකීමක් තියෙනවා දරුවන් මේ සදහා පෙළගැස්වීම සිදු කිරීමට.‘‘

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති කොග්ගල වෙල්ලාල බන්ධුල, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන යන මහත්වරු ද එක්ව සිටියහ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us