දැන් නීත්‍යානුකූල ආණ්ඩුවක් නෑ..කැබිනට් එක නීති විරෝධීයි...හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා

Published in පුවත්
Saturday, 27 January 2018 22:57

පසුගිය වසරේ දෙසැම්බර් 31න් ජාතික ආණ්ඩු ගිවිසුම අහෝසි වී ඇති බවත් මේ දක්වා ගිවිසුම දීර්ඝ නොකර ඇති බවත් මේ දක්වා ජාතික ආණ්ඩුව දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත නොවී ඇති බවත් පෙන්වා දෙන හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ දෙසැම්බර් 31න් පසුව ආණ්ඩුව ගනු ලබන ඕනෑම තීරණයක් අනාගතයේදී වුවද නීතිය ඉදිරියේදී අභියෝගයට ලක් කළ හැකි බවයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 46(1) අ වගන්තිය අනුව අමාත්‍ය මණ්ඩලය 30කට සීමා විය යුතු බවත් 46(1) ආ වගන්තිය අනුව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුරවල එකතුව 40කට සීමා විය යුතු බවත් හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.

එහෙත් මේ වන විට ජනාධිපති, අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරනු ලබන මුළු සංඛ්‍යාව 45කි. රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 23ක් වන අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 22කි. එහි එකතුව 45ක් බව පෙන්වා දෙන සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ අමාත්‍ය මණ්ඩලයේ එකතුවත් රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ එකතුවත් සීමාව ඉක්මවා ගොස් තිබෙන බවයි.

මීට අමතරව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට යහපාලකයන් විසින් වංචනික වගන්තියක් හඳුන්වා දී තිබෙන බවත් මෙයද අධිකරණයේදී අභියෝගයට ලක් කළ හැකි බවත් සරත් එන්. සිල්වා මහතා පෙන්වා දෙයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(4) වගන්තියෙන් 46(1) අ, ආ යන වගන්තිවල කුමක් සඳහන් වුවද ජාතික ආණ්ඩුවක් පිහිටුවනවා නම් එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් අනුමත විය යුතු බව පෙන්වා දී තිබෙන බව පවසන සරත් එන්. සිල්වා මෙය වංචනික වගන්තියක් බව සඳහන් කරයි.

46(5) වගන්තියෙන් ජාතික ආණ්ඩුව වශයෙන් අර්ථ දක්වා තිබෙන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ලබාගත් දේශපාලන පක්ෂය සමඟ අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල 'එකතුව' යනුවෙන් සඳහන් වී තිබෙන බව සඳහන් කරන හිටපු අගවිනිසුරුවරයා, පෙන්වා දෙන්නේ වර්තමාන ආණ්ඩුව ඒ ආකාරයෙන් නිර්මාණය වී නොමැති බවයි.

එම නිසා මෙහි 'එකතුව' යන වචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණය කළ යුතු බවත් එය පාර්ලිමේන්තුවට පැවැරීම යුක්ති සහගත නොවන බවත් ජාතික ආණ්ඩුව සඳහා සරල බහුතරයක අනුමැතියක් නොව පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයේ අනුමැතියක් ලැබිය යුතු ලෙස වඩා ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් මේ වගන්ති සකස් විය යුතු බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us