පිස්සු ආමීකාරයාට එරෙහි පරීක්ෂණ ජනපති නියමයෙන් අත් හි‍ටුවයි ! Featured

Published in පුවත්
Wednesday, 07 February 2018 11:30

එක්සත් රාජධානියේ ශ්‍රීලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුකත කර සිටි ආරක්ෂක කටයුතු පිලිබඳ උපදේශක Minister Counsellor - Defence) සේවය වහාම අත් හි‍ටුවීමට විදේශ අමාතාංශය ගත් තීරණය සම්බන්ධයෙ පරල වී ඇති ජනාධිපතිවරයා අද උදෑසන විදේශ ලේකම් වරයාට කතා කර වහාම එම පරීක්ෂණය අත් හි‍ටුවන ලෙස බලපෑම් කර තිබේ. තව දුරටත් ලේකම් තනතුරේහි සිටීමට අවශ්‍ය නම් තමන් කියන ලෙස කටයුතු කරන ලෙස එම තර්ජනාත්මක බලපෑමෙන් හඟවා ඇති බව විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

මේ ආරක්ෂක උපදේශකවරයා බ්‍රිතාන්‍යයේ පැවැත් දෙමල ජාතිකයන් පිරිසකගේ සාමකාමී උද්ඝෝෂණක් හමුවේ එම පිරිසට බෙලිකපා දමන බවට තර්ජනය කිරීම ඔහුට එරෙහි පරීක්ෂණයට හේතු විය. ඊයේ සවසම විදේශ අමාත්‍යංශය එම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබිණි. මේ අනුව යළි ජනාධිපතිවරයාගේ නියමයේන් නැවත ඔහුට රැකියාව ලැබී තිබේ.

මේ රටේ දෙමළ ජාතිකයන්ගේ බෙලි කපා රණ විරු ලේබලය ගහගෙන සිටින මීනී මරු අපරාධ කරුවන් රැසක් සිටින නමුත් ඔවුන් සිදුකළ කිසිදු යුධ අපරාධවලට, මානව හිමිකම් කැඩීමට එරෙහිව කිසිදු නිත්‍යානුකූල පියවරක් නොගැනීමෙහි දැඩි ස්ථාවරයක පසුවන ජනාධිපතිවරයා මේ රකිමින් සිටින්නේ සිය ම්ලෙච්ඡකම මිසක් වෙනකක් නොවේ. පසුගිය රාජපක්ෂ පාලන සමයේ මේ රටේ මිනිමරු කල්ලි කණ්ඩායම් සියල්ල හැසිරවූ ගොඨාභය රාජපක්ෂ හා ඔහුගේ මීනිමරු සෙන්පතියන් සියලු දෙනාම අද රකින්නේ ජනාධිපති සිරිසේන විසිනි.

ඒ තබා මුල්‍ය අපරාධ චෝදනා එල්ල වී තිබෙන ගොඨාව අත් අඩංගුවවට පත් වීමෙන් වලක්වා ඇමරිකාවට පලා යන ලෙස ඔහුට ගරු උපදෙස් ලබා දී තිබුනේද ජනාධිපතිවරයා බව පසුගියදා හෙලි විය.

අඅඅ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us