මෛත්‍රී.. , ගලේ පැහැරුවාම හත් පොළේ ගාගන්නවා කියන්නේ ඕකටය Featured

Published in පුවත්
Sunday, 11 February 2018 07:57

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධුරයට පත් වීමෙන් පසුව ඒ ගැන කල්පනා කළේ ඒ තමන් ලැබූ ජයග්‍රහණයක් ලෙසටය. ඔහු වටා සිටිය හිතවතුන්ද ඔහුව ඇන්දුවේ ඒ ගැනම කියමිනි. දැන් විධායක ජනාධිපති නිසා කාටවත් සෙකන්ඩ් විය යුතු නැති බවය.

මෛත්‍රී මේ මුලාවෙ නොවැටෙන්නට ඔහු කළ යුතුව තිබුනේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමය. එසේ වූවා නම් එජාපය ඉහල බහුතර ඡන්ද සංඛ්‍යාවක් දිනා ශක්තිමත් ආණ්ඩුවක් පිහි‍ටුවනු ඇත. එහෙම උනා නම් ජනාධිපතිවරයා ලෙස මීට වඩා ගරු ගාම්බීරව ඔහුට සිටින්නට හැකිව තිබිණි.. නමුත් මෛත්‍රී එය නොකළේය. මෛත්‍රී , ගලේ පැහැරුවේය. ශ්‍රීලනීපයේ නායකයා ලෙස වැජඹීමට ඔහුට ඕනෑවිය. තමන් වෙලාසන මහ මැතිවරණය කැඳවූවා නම් ශ්‍රීලනිපය ඉවරෙටම ඉවරවෙන බව කීවේය. මේ ගොං කාතා වලට මහින්ද කොහෙන් හිනා වෙන්නට ඇති දැයි හිතාගත හැකිය.

මෛත්‍රීට ශ්‍රීලනිපයේ සභාපතිකම ලබා දීමට මහින්ද ඉක්මන් වූයේ ශ්‍රීලනිපය විනාශ වී යෑම වලක්වා ගැනීමටය. එකෙන් මෛත්‍රීට මහින්ද ඇතුලුව ශ්‍රිලනීපය රැකීමට සිදුවන අතර එජාප විරෝධය තුල හිර වීමටත් සිදුවන බව මහින්දට නිවැරැදි දේශපාලන උපදෙසක් ඒ මොහොතේ ලැබී තිබිණි.. ඒ අනුව මහ මැතිවරණය කල් දමා ගනීමත් සිදු කරමින් මෛත්‍රීගේම නායකත්වය තියාගෙන මහින්ද මහ මැතිවරණයට ඉදිරිපත් වී තමන්ගේ පිළ ශක්තිමත් කර ගත්තේය... මහින්ද ඇවිල වූ රනිල් විරෝධයේ පළමු ගොදුර වූයේ මෛත්‍රීය. ඉන් නොනැවතී බිම් මට්ටමේ සාමාජිකයා හමුවී තමන්ගේ කණ්ඩායම ඉදිරි මැතිවරණ වලට සූදානම් කෙරිණි..

අඩුම තරමින් මෛත්‍රීට ශ්‍රී ලනිපය තුල ශක්තියක් නැති බව ඒ මොහොතේදී හො තේරුම් ගැනීමට තරම් මොළ කළඳක් නොතිබිණි. තමන් මහින්දගේ ලනුවක් කාපු බව ඔහුට නොතෙරිනි.

මෛත්‍රී වටා සිටි ශිරාල් ලක්තිලකලා මලිත් ජයතිලකලා අශෝක අබේගුණවර්ධන වැනි ගොබ්බ උපදේසකයන් ගේ පෞද්ගලික රනිල් විරෝධය හා කිලි මහරාජා මෛත්‍රීව අල්ලෙ නටවන රුකඩයක් කර ගැනීමට සමත් වීම නිසා මහින්ද කැපූ වළේ මෛත්‍රී වැ‍ටුනේ ආයේ ගොඩ ඒමක් නැති වෙන්නටමය. තමන්ට වළෙන් ගොඩ ඒමට නම් රාජපක්ෂලාගේ වල්ගෙ එල්ලී යෑමට සිදුව තිබෙන බව ඔහු හීනෙකින්වත් සිතූ දෙයක් නොවේ. අන්තිමට රාජපක්ෂලාට එරෙහිව තිබු චෝදනාවන්ගෙන් ඔවුන්ව ගලවා ගැනීමට දැඩි උත්සාහයක්ද ගත්තේය. ඒ බව ප්‍රසිද්ධියේ කියන තැනටමත් පත් විය. තමන් ශ්‍රීලනීප නායකයා නිසා රාජපක්ෂලාව චෝදනාවලින් ගලවා ගත්තාම තමන්ට ශ්‍රීලනීප ජයග්‍රහණය කරවා එහි උත්තරීතර නායකයා වෙන්නට පුලුවන් බවට ඇති වූ බොළඳ සිතුවිල්ල ඔහුව සෑහෙන්න නොමඟ යවා තිබිණි.

මෛත්‍රී පිළෙහි මාධ්‍ය කෙරුම්කාරයන් ද දිගටම උත්සාහ කළේ මෛත්‍රී , මහින්ද දීගයක් ද ගැන කියන්නටය. මහින්දලා රටට දායාද කළ මජර කම පරාජය කරන්නට කිසිවක් නොකළේය. මෛත්‍රී ගේ ගොබ්බ උපදේශකයන් හා මොවුන් කළේ එජාප විරෝධය අවුලුවා ශ්‍රිලනිප ආණ්ඩුවක් පිහි‍ටු වීම ගැන කතන්දර කීමය. දැන් මේ මොන කතන්දරයෙන් වත් රෙද්ද ගැලවී ඇති බව වහන් කළ නොහැකිය.

බැඳුම්කරයක් අල්ලාගෙන රනිල් විරෝධීන්ගේ මන දොල සපුරාලීම හැර මෛත්‍රී මේ කාලය තුල කළ වෙන කෙන්ගෙඩියක් ද නැත. ඒකෙන්ද වැඩක් වුණේ නැත.. රවී කරුණානායකට වට කරගෙන ගැහුවාට ඔහුව පරාජය කරන්නට හෝ නොහැකි විය.

මේ මැතිවරණයේ එජාපයේ පසු බැස්ම එජාපයට ගනන් ගත යුතු දෙයක් නොවේ..ඒ ඔවුන්ගේ සාමාන්‍ය ප්‍රතිපලයයි. නමුත් මේ වසරේදී පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරණය එජාපයට සුලුවෙන් තැකිය හැකි නොවනු ඇත. එසේම 2020 මහ මැතිවරණය යනු ඔවුන් හමුවේ වෙන විශාල අභියෝගයකි. දැන් රනිල්ට සටන ඇත්තේ කෙලින්ම මහින්ද සමඟය. මහින්දව සටනට කැඳවා ගත්තේ ද රනිල්ය. එය මඟ හැරිය නොහැකිය. නමුත් එජාප පාක්ෂිකයා ඊට සූදානම් කළ යුතුය. ඒත් ඒකට පාක්ෂිකයාව රැකබලාගන්නට සිදුවේ. මෙතෙක් ඒ සිදු නොවුවකි. තමන් කරන්නේ කියන්නේ මොනවාද යන්න රටේ මිනිස්සුන්ගේ ඔළු ගෙඩි වලට නිකම් කියා වැඩක් නැත. හදවත කිතිකැවිය යුතුය.

කොහොම නමුත් රනිල්ගේ දේශපාලනික උපක්‍රමශීලී භාවය අනුව ඉදිරි දේශපාලන සටනේ ජයග්‍රාහකයා තීරණය වනු ඇත.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us