රනිල්ට ආණ්ඩුව. අනුරට විපක්ෂය. ශ්‍රීලනිපෙට නඩු බෑ. මෛත්‍රී කිලී සරණයයි !

Published in පුවත්
Monday, 12 February 2018 22:36

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියළු අමාත්‍යධුර අතහැර විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇති බවත් ඒ අනුව ආගමැති රනිල් වික්‍රමසිංහට හැකි ලෙසකින් ආණ්ඩුවක් පිහි‍ටුවාගෙන කටයුතු කිරීමට ඉඩ පහසුකම් සලසා දීමටත් ජනාධිපතිවරයාට සමීප ශ්‍රීලනීප ජේෂ්ඨයන් තීන්දුකර ඇති බව ද දැන ගැනීමට තිබේ.

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ පරාජය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ පැවැත්විණි. නියෝජ්‍ය අමාත්‍යවරයකුගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අප වෙත පැවසුවේ මධ්‍යම කාරක සභාවේ මේ පිළිබඳ තීරණයකට එළැඹි බවත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා සාකච්ඡා කිරීමන් පසුව අවසන් තීරණය ගනු ඇති බවය.

එහෙත් ශ්‍රීලනීපයෙන් මේවන විට ආණ්ඩුවට එක් වී සිටින් මන්ත්‍රීවරු ගනනාවකට එරෙහිව දූෂණ චෝදනා එල්ල වී ඇති නිසා ඒ සම්බන්ධයෙන් එජාපය සහනශීලීව කටයුතු නොකළහොත් ඔවුන් දැඩි අර්බුධයකට ලක්වනු ඇති බවත් නියොජ්‍ය ඇමැතිවරයා පැවසීය. මේ සම්බන්ධයෙන් මේ වන විට කතා බහක් තිබෙන බවත් ඔහු තහවුරු කළේය.

මෙම මධ්‍යමකාරක සභා සාකච්ඡාවේදී විපක්ෂ නායක වශයෙන් අනුර කුමාර දිසානායක පත් කිරීමටත් මෙහිදි තීරණය වි ඇත. ඒ සම්බන්ධයෙන් හෙට දිනයේදී එම පක්ෂය සමඟ සාකච්ඡා කිරීම සිදුවන බවත් ඔහු පැවසීය. එහිදී මහින්ද රාජපක්ෂ කණ්ඩායමට වඩා වැඩි පිරිසකගේ නියෝජනයක් තිබුණද ඔවුන්ද එජනිස සාමාජිකයන් වන නිසා කිසිදු ගැටලුවක් ඇති නොවන බවත් ඔහු පෙන්වා දෙයි. එසේම ශ්‍රිලනීපය විපක්ෂයට පැමිණෙන්නේ නම් එම කණ්ඩායමේ පිරිසකගේ සහය ලැබෙන බවට දැනටමත් ජනාධිපතිවරයාද දැනුම් දී ඇති බවත් ඔහු පවසයි.

මේ අතර ජනාධිපතිවරයාව මෙහෙයවීමේ කටයුතු මේ වන විට සිරස අධිපති කිලී මහරාජා සියතට ගෙන ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. රනිල්ට තනි ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීමට ඉඩ දීම සහ අනුර විපක්ෂ නායක කිරීම මහරාජාගේ උපදෙස් අනුව සිදුවන්නක් බවද පැවසේ.

මේ අතර එජාප තොරතුරු මාර්ග පවසන්නේ එජාපය තනියෙම ආණ්ඩුවක් පිහි‍ටුවීමට තීරණය කර ඇති බවය.ඒ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දැඩි බලපෑම මතය.  අනුර දිසානායක විපක්ෂ නායකවරයා වශයෙන් පත් කිරීමට ශ්‍රීලනීපය ගෙන තිබෙන තීරණයට අගමැතිවරයා එක පයින් කැමැති වනු ඇති බවත් එජාපයේ ජේෂ්ඨ ඇමැතිවරයකු පැවසීය. දෙමළ ජාතික සන්ධානයේ සහය ආණ්ඩුවට හිමිවනු ඇති බවත් ඔහු පවසා සිටී.

අද සවස වාර්තා වූ මෙම තොරතුරු සම්බන්ධයෙන් අප දේශපාලන විශ්ලේෂකයන් කිහිප දෙනෙකුගෙන් කළ විමසීමකදී ඔවුන් පොදුවෙ පවසා සිටියේ  මෙරටේ දේශපාලනයේ  තක්කඩි ස්වරූපය මෙම ක්‍රියාමාර්ග වලින් ඉතා පැහැදිලිව පෙන්නුම් කරනු ඇති බවය.   පාක්ෂිකයන් ගොනාට අන්දවමින් සිදුකරන  පක්ෂ නායකයන්ගේ ගජමිතුරු  දේශපාලන ගනුදෙනු වල  ස්වභාවය මින් පහැදිලි වන බවය.

 

Last modified on Monday, 12 February 2018 22:40

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us