ඝාතන 128 ක් කරලා තියෙන්නේ සැමියා ! Featured

Published in අනං මනං
Friday, 09 March 2018 08:15

ලංකාවේ සිදුවන කාන්තා මිනීමැරුම්වලින් තුනෙන් එකක්‌ ඔවුනගේ සමීපතම සහකරුගේ ප්‍රචණ්‌ඩත්වය හේතුවෙන් සිදු වන බව මෙරට පළාත් පහක කාන්තාවන්ගේ හා ගැහැණු ළමයිගේ අස්‌වාභාවික මරණ සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන්ගේ ජනගහන අරමුදල හා කැලණිය විශ්වවිද්‍යාලය ඒකාබද්ධව සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

මෙම කාන්තා මිනීමැරුම් වලින් සියයට 69 ක්‌ම නිසි පරිදි වාර්තා නොවන බව හෙළිවී ඇති අතර අධ්‍යයනයට ලක්‌ කාන්තා මිනීමැරුම් 243 න් 128 ක්‌ම අපරාධකරු එම කාන්තාවන්ගේ නීත්‍යනුකූල සැමියා බව අනාවරණය වූ බව මෙම වාර්තාව එළිදැක්‌වූ පෙරේදා (05 දා) කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී. අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂිකාව වන කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ මහත්මිය පැවසුවාය.


තුන්වසරක්‌ පුරා පවත්වා ඇති මෙම අධ්‍යයනයට අනුව අධිකරණ ක්‍රියාවලියේදී මහාධිකරණය දක්‌වා ඉදිරියට ගොස්‌ ඇත්තේ මෙම කාන්තා මිනීමැරුම්වලින් සියයට 30 ක සංඛ්‍යාවක්‌ පමණක්‌ බව මහාචාර්යවරිය කීවාය. එම අධිකරණ ක්‍රියාදාමය ද අවසන්වීමට වසර තුනක කාලයක්‌ ගත වී ඇත.

මෙහිදී අදහස්‌ දැක්‌වූ අධ්‍යයනයට දායක වූ වෛද්‍ය උදාරා සේනාරත්න පවසා සිටියේ මෙරට ජනමාධ්‍ය කාන්තාවන් හා ගැහැනු ළමුන්ගේ අස්‌වාභාවික මරණ පිළිබඳව වාර්තා කිරීමේදී ඒ පිළිබඳව වඩාත් සංවේදී විය යුතු බවය.

divaina.lk
කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුබාංගි එම්. කේ. හේරත්, කැලණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ හා කොළඹ විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික නීතිය පිළිබඳ මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර යන මහත්මීහු මේ අවස්‌ථාවට සහභාගී වූහ.

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us