අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න බෑ.. අපි අමාරුවේ වැටිලා ඉන්නේ - එස් බී

Published in පුවත්
Tuesday, 27 March 2018 17:21

අද කොළඹදී පැවැති මාධ‍ය හමුවකදී අදහස් පළ කළ ඇමැති එස් බී දිසානායක මහතා අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නට 19 වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ප්‍රතිපාදන නැති බව අවධාරණය කළේය.

ඒ අනුව මෙම විශ්වාසභංගය ඉදිරිපත් වන්නේ සමස්ථ ආණ්ඩුවටම එරෙහිවය. ඒ අනුව ශ්‍රීලනීපයට තමන්ද දායකත්වය සපයන ආණ්ඩුවට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීම හැකියාවක් නොමැති බැවින් විශ්වාසභංගයට පක්ෂපාත වීම ගැටළුකාරී වීතිබේ.

මෙම අදහස් දැක්වීමේදී ඇමැතිවරයා විශ්වාසභංග යෝජනාවට විරුද්ධවීමට පක්ෂයක් ලෙස කළ නොහැකි බව පැවසූ නමුත් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව නොපැවසෙමට පරිස්සම් විය.

කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ හා මෙම විශ්වාසභංග කුමන්ත්‍රණ කරුවන්ගේ අදහස වී ඇත්තේ කෙසේ හෝ එජාපය ලවාම අගමැති තනතුරෙන් රනිල් වික්‍රමසිංහ මහතාව ඉවත් කර පවතින ආණ්ඩුව යටතේම එජාපයෙන් අගමැතිවරයකු පත් කොට රාජපක්ෂ කණ්ඩායම හා මෛත්‍රී කණ්ඩායම එක්ව නව ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීමට සැලසුමක් තිබෙන බවය.

අප මුලසිටම මෙම කුමන්ත්‍රණ කාරී ක්‍රියාව හෙළි කර සිටි අතර මෙය ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ සැලසුමක් බවද පැවැසූවෙමු. ඒ මේවන විට සනාත වී ඇත.

ජනාධිපතිවරයාව මෙහෙයවන කිලී මහරාජා ගේ වුවමනාව අනුව මේ සැලසුම ක්‍රියාත්මක වී ඇත. ඒ අනුව මහරාජාගෙන පඩි ගන්නා එජාප මන්ත්‍රීවරු පිරිසක් අගමැතිධුරයෙන් රනිල් වික්‍රමසිංහව ඉවත් කිරීම සඳහා ලබන 04 වන දින ප්‍රසිද්ධියේ පෙනී සිටිනු ඇත. එය ජයගතහොත් මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ හා එජාප කෙරුමන් කිහිප දෙනෙකු එකම කැබිනට් මණ්ඩලයේ වාඩි වෙනුද දකින්නට ලැබෙනු ඇත.

ඒ අනුව දේශපාලනයේදී වසලකම කුමක්ද යන්න ගැන ජනාධිපතිවරයා අලුත් පාඩමක් රටට උගන්වනුද ඇත..

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us