'බස් වර්ජනය අසාර්ථකයි' Featured

Published in පුවත්
Thursday, 16 August 2018 13:09

සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය ඊයේ (15) මධ්‍යම රාත්‍රී සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය අසාර්ථක බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

මේ වනවිට බොහෝ මාර්ගවල සුපුරුදු පරිදි බස් රථ ධාවනයේ යෙදෙන බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසිය.

රථ වාහන වැරදි සදහා වන දඩ මුදල් වැඩි කිරීමට එරෙහිව වර්ජන සිදුකරන බව ප්‍රකාශ කළද ගතවූ මාස හය තුළ පමණක් බස් රථ අනතුරු 1272ක් සිදුව ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

උසස්පෙළ විභාගය පැවැත්වෙන මේ අවස්ථාවේ වැඩවර්ජන ක්‍රියාත්මක කිරීම පටු අරමුණු ඉටු කරගැනීම සදහාම සිදු කරන්නක් බවට ජනතාව චෝදනා කරනවා. කෙසේ වෙතත් තමන්ට කිසිදු අපහසුතාවකින් තොරව ගමනාගමන කටයුතු සදහා බස් රථ තිබෙන බව ද ඔවුන් කියා සිටිනවා. 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us