මධූෂ්ගේ පියාගේ අවමඟුලට ගුවනින් මල් : මුදල් කොහෙන්දැයි පරීක්ෂණයක් Featured

Published in පුවත්
Tuesday, 04 September 2018 21:41

රිය අනතුරකින් මිය ගිය තම පියාගේ අවසන් කටයුතු ප්‍රභූවරයකුගේ අවමංගල්‍ය උත්සවයකට සමාන ආකාරයට සිදු කිරීමට පාතාල කල්ලි නායක මාකදුරේ මධූෂ් ඩුබායි සිට තම ඥාතීන්ට මුදල් එවන ලද ආකාරය සෙවීම සදහා ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එමෙන්ම අනතුරින් මියගිය සමරසිංහ ආරච්චිලාගේ ලක්ෂ්මන් (62) නැමැති මදුෂ්ගේ පියාගේ අවසන් කටයුතු කඹුරුපිටිය මාකදුර නිවසේ නොපවත්වා සුරියවැව ඔහුගේ බාප්පාගේ නිවසේ පැවැත්වූයේ ඇයි ද යන්න ආරක්ෂක අංශ වලට සැකයක් ඇති වී තිබේ.

කෙසේ වෙතත් එම දේහය තැන්පත් කර තිබු මිනී පෙට්ටිය ද මිල අධික ලීයෙන් සකස් කර අලංකාරව නිමා කර තිබු බව දැනගන්නට ඇත.

එමෙන්ම ඩුබායි රාජ්‍යයේ දැනට සැඟව සිටින බවට සැකකෙරෙන පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් දේහය පිළිබද අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබද වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවී ලෙස නරඹා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණි.

නාගොඩ රජයේ රෝහලේ සිට මෘත දේහය සූරියවැව ප්‍රදේශයට රැගෙන ගොස් භූමි දානය කිරීම දක්වා ලක්ෂ ගණනින් මුදල් වැය කර තිබු බව කියති.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us