ශ්‍රී ලංකා - කුවේට් වෙළෙඳ ගණුදෙනු සවිමත්ව අරඹනවා

Published in පුවත්
Wednesday, 10 October 2018 14:43

ගල්ෆ් කලාපයේ දෙවැනි විශාලතම ධනවත් ආර්ථිකය හිමි කුවේට් රාජ්‍ය සමග ශ්‍රී ලංකා ද්වීපාර්ශවික වෙළෙඳ ගණුදෙනු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා වසර 21 කට පසුව යළිත් ආරම්භ කිරීම, ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනය සුබදායක ආරංචියක් වන බවත්, මෙම සාකච්ඡා තුළින් කුවේට් - ශ්‍රී ලංකා වෙළෙඳ ගණුදෙනු වඩාත් ශක්තිමත් වන බවත්, එහි වාසිය අපේ රටට නිතැතින්ම ලැබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කහාලෆ් බූ දහයිර් (Khalaf Bu Dhhair) මහතා හමු වී කරන ලද සාකච්ඡාවේදීය.

මේ වන විට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් 13 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකීය වෙළෙඳ දූත පිරිස කුවේට් රාජ්‍ය වෙත ගොස් ඇති අතර, ඊයේ (09 දා) එරට ප්‍රධානතම ව්‍යවසායක හා ආයෝජන රාජ්‍ය ආයතනය වන කුවේට් ආයෝජන අධිකාරියේ (KIA – Kuwait Inventers Authority ) ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කිරීම ආරම්භ කරනු ලැබීය.

වාණිජ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව වර්ෂ 1994 අප්‍රේල් මස දී ශ්‍රී ලංකා කුවේට් රාජ්‍ය අතර වෙළෙඳාම සම්බන්ධව ගිවිසුමක් අත්සන් තබන ලද අතර, 1997 වර්ෂයේදී ශ්‍රී ලංකා කුවේට් ප්‍රථම ව්‍යාපාරික සැසිය කොළඹදී පැවැත්වුණි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

" වසර 21 කට පසුව ශ්‍රී ලංකා - කුවේට් රාජ්‍ය අතර ද්වීපාර්ශවික වෙළෙඳාම සඳහා වන ඒකාබද්ධ ව්‍යාපාරික රැස්වීම, කුවේට් රාජ්‍යයේ පැවැත්වීම අප දෙරටේ දිගුකල් පවත්නා සවිමත් සබඳතාවක් ගොඩනැගීම සඳහා මුල පිරීමක් වෙනවා. අපේ දූත පිරිස සවිමත් කණ්ඩායමක් ලෙස හැඳින්වීමට පුලුවන්. අපේ කණ්ඩායමට මුදල්, මහනගර හා බස්නාහිර සංවර්ධන, විදේශ කටයුතු, උසස් අධ්‍යාපන, විදේශ රැකියා යන අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන් සහභාගී වෙනවා. 2016 වන විට කුවේට් රාජ්‍ය, ශ්‍රී ලංකාවේ 49 වැනි ආනයනික හවුල්කරුවා බවටත්, ශ්‍රී ලංකාව කුවේට් රාජ්‍යයේ 82 වන අපනයන හවුල්කරුවා බවටත් පත් වුණා. මෙම දත්ත දෙරට අතර ඉතා හොඳ ද්වීපාර්ශවික වෙළෙඳාමක් සඳහා විභවයක් පෙන්නුම් කරනවා. මේ වන විට 2016 දී ශ්‍රී ලංකා - කුවේට් ද්වීපාර්ශවික වෙළෙඳ ගණුදෙනු ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 46.68 ක් වුණා. එය 2017 වන විට ඇමරිකානු ඩොලර් මිලියන 48.56 ක් බවට පතු වුණා. ඒ අනුව වෙළෙඳ ගණුදෙනුවල සියයට 4 ක වර්ධනයක් පෙන්නුම් කරනවා. මේ වර්ෂයේදී අප කුවේට් රාජ්‍යයට සිදු කළ අපනයනයන් අතර සිලෝන් තේ, සැකසූ ආහාර, පළතුරු, ශාක කොටස් සහ ෆයිබර් බෝඩ්, දැව ප්‍රධාන වෙනවා. අප කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වන හෙවත් ආනයනය කරන ලද භාණ්ඩ වන්නේ ඛණිජ වර්ග, රසායනික පොහොර, එතිලීන්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා පෙට්රෝලියම් තෙල් ප්‍රමුඛ වෙනවා." යැයි පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් කතා කළ ශ්‍රී ලංකාවේ කුවේට් රාජ්‍යයේ තානාපති කහලාෆ් බූ දහායිර් මහතා මෙසේ පැවසීය.

"ශ්‍රී ලංකා - කුවේට් රාජ්‍යයේ ද්වීපාර්ශවික ව්‍යාපාරික සැසිය දෙරටේ වෙළෙඳ සබඳතා තරකර ගැනීමටක්, ආයෝජන සංවර්ධනය සඳහාත් ඉතා වැදගත් වෙනවා. අපි මේ සැසිය ඉතා හොඳින් සංවිධානය කරනවා. ඒ වගේම අපේ දෙරටේ ඉතා වැදගත් ව්‍යාපාරික අංශයක් වන කුවේට් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය වගේම ලෝකයේ හතරවන විශාලතම ස්වෛරී අරමුදල වන කුවේට් ආයෝජන අධිකාරිය (KIA) මෙම සාකච්ඡා සැසිය සඳහා සහභාගී වෙනවා. එම නිසා මෙම හමුව ශ්‍රී ලංකා - කුවේට් ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමට හේතු වේවි." යැයි පැවසීය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us