ශ්‍රී ලංකා - කුවේට් ද්වීපාර්ශවික වෙළෙඳ සාකච්ඡාවල ප්‍රධාන භූමිකාව පෞද්ගලික අංශයට

Published in පුවත්
Tuesday, 16 October 2018 13:00
රිෂාඩ් බදියුදීන් මහතා කුවේට් - ශ්‍රී ලංකා ඒකාබද්ධ වාණිජ අමාත්‍ය කමිටු සාකච්ඡාවල වාර්තාව කුවේට් රාජ්‍යයේ කර්මාන්ත හා වාණිජ අමාත්‍ය කාලිඩ් නාෂෙර් අල් - රවුඩාන් මහතාට භාරදුන් අවස්ථාව රිෂාඩ් බදියුදීන් මහතා කුවේට් - ශ්‍රී ලංකා ඒකාබද්ධ වාණිජ අමාත්‍ය කමිටු සාකච්ඡාවල වාර්තාව කුවේට් රාජ්‍යයේ කර්මාන්ත හා වාණිජ අමාත්‍ය කාලිඩ් නාෂෙර් අල් - රවුඩාන් මහතාට භාරදුන් අවස්ථාව

කුවේට් රාජ්‍ය සමග වසර 21 කට පසුව සිදු වූ කුවේට් - ශ්‍රී ලංකා ඒකාබද්ධ වාණිජ අමාත්‍ය කමිටු දෙවන සාකච්ඡාවෙන් අප රටේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර හා ආයෝජන සංවර්ධනයට සුවිශාල දායකත්වයක් ලැබුණු බවත්, එම නිසා අපේ රටේ පෞද්ගලික අංශයට රටේ ආර්ථික සංවර්ධනය සඳහා බලපෑම් කිරීමේ විශාල භූමිකාවක් පැවරෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කුවේට් රාජ්‍යයේ පැවති කුවේට් - ශ්‍රී ලංකා ඒකාබද්ධ වාණිජ අමාත්‍ය කමිටු සාකච්ඡාවට සහභාගී වෙමිනි.

මෙහිදී කුවේට් වාණජ හා කර්මාන්ත මණ්ඩලය හා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය අතර පෞද්ගලික ව්‍යාපාර ආශ්‍රිතව අවබෝධාත්මක (Mou) ලියකිවිලිවලටද අත්සන් තැබුණි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

" කුවේට් රාජ්‍ය අප රටේ වාරිමාර්ග, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, විදුලිබලය, බලශක්ති සහ මහාමාර්ග සංවර්ධනය සඳහා සහනාධාර සපයා තිබෙන බව ස්තූතිපූර්වකව සඳහන් කරන්න ඕන. ඒ පිළිබඳව ඔබගේ රජයට ශ්‍රී ලංකා ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛව රජයේ හා මුළු මහත් ශ්‍රී ලංකා ජනතාවගේ ගෞරව ප්‍රණාමය පුදකරනවා. ඒ වගේම මේ වන විට අප දෙරට අතරේ හොඳ ද්වීපාර්ශවික වෙළෙඳ ගණුදෙනු සබඳතාවක් පවතිනවා. ඒ අනුව අප දෙරටේ වෙළෙඳ ගණුදෙනුවල සමස්ථ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 50ක් පමණ වෙනවා. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා අපගේ මෙම සාකච්ඡාවල අවධානය යොමු කර සිටිනවා. ඒ වගේම අපගේ රජය මේ වන විට රට තුළ සංවර්ධනාත්මක ආයෝජනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කරලා තියෙනවා. එම නිසාම අප දෙරටේ රාජ්‍ය හා පෞද්ගලික අංශ ඔස්සේ කම්කරු,, මිනිස් බල, කර්මාන්ත, තාක්‍ෂණික, සංචාරක ආදී ක්‍ෂේත්‍ර ඔස්සේ මූල්‍යමය, ආර්ථික හා ආයෝජන සංවර්ධනයන් සඳහා අප ඔබ රටේ ආයෝජකයින්ට ආරාධනා කර සිටිනවා." යැයි පැවසීය.

මෙහිදි අදහස් දක්වමින් කතා කළ කුවේට් රාජ්‍යයේ කර්මාන්ත හා වාණිජ අමාත්‍ය කාලිඩ් නාෂෙර් අල් - රවුඩාන් මහතා මෙසේ පැවසීය.

" කුවේට් - ශ්‍රී ලංකා ඒකාබද්ධ වාණිජ අමාත්‍ය කමිටු නිල සාකච්ඡා සඳහා මෙහි පැමිණි ශ්‍රී ලංකා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රමුඛ දූත පිරිස ඉතාමත් ආදරයෙන් හා ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපි ඔබ රටේ සංවර්ධනයට අවශ්‍ය උදව් හා ආධාර විවිධාකාර වූ ආදායම් මාර්ග වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ප්‍රත්‍යක්‍ෂ ලෙසම උදව් කරනවා."
" ඒ වගේම අප දෙරටේ මිත්‍රශීලීභාවය තවදුරටත් සුරක්‍ෂිත කරමින්, වර්ධනය කරගනිමින් වෙළෙඳ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය පෙර පරිදිම ලබා දෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පෞද්ගලික අංශය ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධනය උදෙසා ද්වීපාර්ශවික ආයෝජනය , මෙන්ම අපනයනය සංවර්ධනයට අවශ්‍ය පියවර අප දෙපාර්ශවයම ගත යුතු වෙනවා. මෙහිදී පුද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට විශාල භූමිකාවක් පැවරෙනවා." යැයි යැයි කුවේට් කර්මාන්ත හා වාණිජ අමාත්‍ය කාලිඩ් නාෂෙර් අල් - රවුඩාන් මහතා පැවසීය.

මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් කරුණාතිලක, කුවේට් හි ශ්‍රී ලංකා තානාපති බී. කාන්දීපන්, කුවේට් හි කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය කාලිඩ් අල් ෆාතෙල් (Khalid Al-Fathel, කුවේට් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපති අලී එම්. තුනයියුම් (Ali M. Thunaium) මහත්වරුන්ද සහභාගී විය.

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us