පොරොන්දු වූ ලෙස 113 ගෙනත් නොදුන්නොත් ඉල්ලා අස්වන බව මහින්ද මෛත්‍රීට දන්වයි...! Featured

Published in පුවත්
Monday, 29 October 2018 16:19

මහින්ද රාජපක්ෂගේ අගමැති ධුරය තහවුරු කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය ගෙනත් දෙන්නේ නැත්නම් තමන් ඉල්ලා අස්වන බව මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අනතුරු අඟවා තිබේ. අද දහවල් පැවැති සාකච්ඡාවකදි මේ බව පවසා තිබේ.

මහින්ද රාජපක්ෂ අගමැතිධුරය බාරගනු ලැබුවේ , ජනාධිපතිවරයා විසින් 120 ක බහුතරයක් තමන් සතුව තිබෙන බවත් ගැටලුවක් නොමැතිව ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවට පොරොන්දුවක් ලබා දෙමින් බව මීට පෙර වාර්ථා විය.

කෙසේ නමුත් මේ වන විට ශ්‍රීලනීපයේ සියලු මන්ත්‍රීවරුන්ගෙ සහයොගය හෝ ලබා ගැනීමට ජනාධිපතිවරයා අසමත්ව තිබේ. මේ තත්වය අනුව බැසිල් රාජපක්ෂ පාර්ශ්වය ඊයේ රාත්‍රියේම තීරණය කර තිබුනේ ඇමැතිකම් බාර නොගෙන සිටීමටය.
දුමින්ද දිසනායක ඇතුලු ශ්‍රීලනීපයේ මන්ත්‍රීවරු දස දෙනෙකු ස්වාධීනව කටයුතු කරන බව අද උදෑසන ජනාධිපතිවරයාට කළ දැනුම් දීමත් සමඟ අර්බුදය තව වැඩි වී ඇත. මේ වන විට ජනධිපතිවරයාගේ පාර්ශ්වය එජාප මන්ත්‍රීවරු අමතමින් තමන්ට සහයෝගය ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් ලැබෙන වරප්‍රසාද ආදිය ගැන කියමින් සිටින බව වාර්තා වේ.

කෙසේ නමුත් අගමැති රාජපක්ෂගෙ පත්වීම සම්බන්ධයෙන් කිසිදු රාජ්‍යක් විසින් පිලිගැනිමට ලක් නොකර සිටීමද විශෙෂත්වයකි. එමෙන්ම බොහො රාජ්‍යයන් විසින් ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාර්ගය අකුලා ගන්න ලෙසද බල කර තිබේ. එසේ නොවුණහොත් ජාත්‍යන්තරව තහංචි පැනවීමේ අවධානමක් තිබෙන බවද අවධාරණය කර තිබේ. මේ අතර ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස පුරවැසියන්ට දැනුම් දිමද රාජ්‍යයන් ගනනාවක් විසින් සිදු කර තිබිම මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් ජාත්‍යන්තර ප්‍රජාව යොමු කර තිබෙන බවද පැහැදිලිය

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us