රාජපක්ෂලා හොරා කෑ මුදල් නීත්‍යානුකූලව මෙරටට අදින්න පටන් අරගෙන

Published in පුවත්
Friday, 02 November 2018 17:06

පසුගිය රාජපක්ෂ පාලන සමයේදි මෙරට විවිධ සංවර්ධන ව්‍යාපෘති හරහා හොරකම් කරනු ලැබ විදේශ ගිණුම් වල තැන්පත් කළ ඩෝලර් බිලියන ගනනක මුදල් වලින් කොටසක් යළි මෙරටට ‍රැගෙන ඒම සඳහා සැලසුමක් දියත්කර තිබේ.

වංචාවෙන් උපයා ගන්න ලද මෙම මුදල් එවකට රහසිගතව මෙරටින් පිට කිරීම සඳහා සූක්ෂම ක්‍රමවේදයන් යොදාගෙන තිබිණි. මෙම මුදල් සම්බන්ධයෙන් තොරතුරු රැසක් මුල්‍ය අපරාධ කොට්ඨාෂය විසින් අනාවරණය කරගෙන තිබූ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු වෙමින් පැවැතිනි.

නීති විරෝධීව උපයා ගනු ලැබු මෙම මුදල් මෙරට නිත්‍යානුකූල මුදල් ලෙස ගෙන ඒම සදහා පැවැති නෛතික ප්‍රතිපාදන වෙනස් කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු කරමින් තිබෙන බව වාරතා වේ. මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ ජනතාවට බදු සහන දෙන මුවාවෙන් මෙම ප්‍රතිපාදන වෙනස් කිරීමට තරම් සටකපට වී තිබේ.
ඊයේ නිකුත් කළ නිවේදනයේ අංක 10 යටතේ ඇති නව ප්‍රතිපාදනය මගින් රාජපක්ෂලාට බදු ගෙවීමකින් තොරව මෙරට මුදල් ‍රැගෙන ඒම ද සිදු කළ හැකි වනු ඇත.

ඊයේ මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයෙන්..

10. ශ්‍රී ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත විදේශ ව්‍යවහාර මුදලින් කරන ඉපයීම් මෙරටට ප්‍රේෂණය කිරීම දිරිගැන්වීම සදහා දේශීය ව්‍යවසායකයන් වෘත්තිකයන් සහ පිටරට සේවය කරන තැනැත්තන් විසින් ප්‍රේෂණය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කෙරේ.

Last modified on Friday, 02 November 2018 17:12

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us