මන්ත්‍රීවරු බා ගැනීම ගැන පොල් ලෙලි වහලුන් සතුටෙන් පිනා යයි

Published in පුවත්
Saturday, 03 November 2018 15:45

දවසින් දවස තමන්ගෙ පිලට මන්ත්‍රීවරු එක් කර ගැනිමට හැකි වීම ගැන රාජපක්ෂ බත් බැලයන් වෙච්ච පොල්ලෙලි වහලුන් සතුටෙන් ඉපිල යති. ඔන්න අපිට තවත් එකක්. අද තව දෙන්නෙක් එනවා තුනක් එනවා දහයක් එනවා විස්සක් එනවා..බහුතරය අපිටයි කියමින් සිව්වනක් ප්‍රීතියට මේ අය පත් ව තිබේ.

එහෙත් මේ වෙන්නෙ කුමක්ද යන්න ගැන මේ වහලුන් රංචුවට නිනව්වක් නැත. බිලියන් ගනනින් මුදල් ගෙවා මන්ත්‍රීන් මිළදි ගැනීමක් මිස මෙතන ජයග්‍රහණයක් සිදුව නැත. මේ සිදු වෙමින් තිබෙන්නේ ව්‍යවස්ථා විරෝධී බරපතල කුමන්ත්‍රණයක් බව ඔවුන්ට හැගෙන්නෙ නැත. ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැත. පොල්ලෙල්ලක් පෙන්වා ඒකට ඡන්දය දෙන්නැයි කිව්වත් මුන් ඡන්දය දෙන්වා කිව්වෙ බන්දුල ගුණවර්ධනය. ඒ නිසා මේ වහලුන් නූගත් තකතීරුවන් බව ඔවුන් විසින්ම පිලි ගෙන තිබේ.

එජාපයේ මන්ත්‍රීන්ට බිලියන් ගනන් ලබා දීම ගැන ඉරිසියාවක්ද මේ අයට නැති ගානය. තමන් අවුරුදු ගානක් රාජපක්ෂට කැඹුරුවා කියා ලැබිච්ච දෙයකුත් නැත. රාජපක්ෂ සුරුවමක් කරගෙන ඇදහීම හැර ඒකා ලවා තමන්ට නැත්තත් ගමට රටට හෝ ෙස්වයක් කර ගත යුතු බව වත් මේ අයට හිතෙන්නෙ නැත. රාජපක්ෂලා මෙලෙස මුදල් වියදම් කරන්නේ හම්බු කරපු මුදලින් නොව හොරකම් කළ මුදලින් බව මේ අය නොදන්නවා නොවේ. ඒත් කමක් නෑ රාජපක්ෂ එනවානේ කියා හිතන තරමට මේ අය මනසින් පහත්ය. නිවට නියාලුය. මේ වහල් බවෙන් ගැලවෙන්න ඔවුන්ට හිතෙන්නෙ නැත.. මන්ද වහල් බව තමන්ගෙ ජන්ම උරුමයක් ලෙස කල්පනා කරන නිසාය.

තමන්ගේ දරු පරපුරටද මේ වහල් බව මිසක් වෙනකක් උරුම කර දෙන්ටද මේ අය සමත්ය. මේ නිසා උන්ගෙ දරු පරම්පරාවද තකතීරුවන්ය. අද සමාජ ජාලා වල නිරුවතින් රඟන්නේ මේ පිරිසය. අතට ලැබෙන තුට්‍ටු දෙක උන්ට මහ මෙරක්ය. මේ ෙමා්ඩ මානසිකත්වය තව දුරටත් රාජපක්ෂ පවුලේ පැවැත්මට හේතු වී තිබේ.

මහ එකා ඇදේට යන කොට පොඩි උන්ද යන්නෙ ඇදටය. ඒක වෙනස් කරනට බැරිය. මහවුන් කරන අපරාධ පොඩි එවුනුත් කරන්න පෙළඹෙන්නේ ඒ නිසාය. ඉතින් හෙට අනිද්දාට රාජපක්ෂ මජර පාලනය සහ භීෂණය ගම් රටවල් පුරා පැතිරෙනු ඇත. වලුන්ගෙ කැමැත්ත එයයි .ආසාව එයයි. ගමේ චණ්ඩිකම් පෙන්වමින් තමන්ගේ පාලනයට යටත් කර ගැනීමට උන් කැමැතිය.
ඉතින් බිලියන් ගනනින් මුදල් ගෙවා එජාප මන්ත්‍රීවරයෙක් බා ගැනීම ගැන සතු‍ටු වෙනවා හැර මේ පොල්ලි වහලුන්ට දැන් මේ වෙලාවේ ඊට වඩා දෙයක් නැත. කොටි කොටි කියමින් මේ ඊයේ ෙප්ෙර්දා වෙනකම් බැන බැන හිටි දෙමළ ජාතික සංධාන මන්ත්‍රීවරු තමන්ගේ පැත්තට පනින විට දේශප්‍රේමී මන්ත්‍රීවරු වී ඇත්තේ ඒනිසාය..

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us