මෛත්‍රී, රාජපක්ෂ හොරුන්ව හිරේ නොදැමේ රනිල් සමලිංගික නිසාද ?

Published in පුවත්
Monday, 05 November 2018 22:19

ජනාධිපති සිරිසේන බලයට පත් වූයේ පොරොන්දු කප්පරක් සමාජ ගත කරමින් ඒවා ඉ‍ටු කරන බව සහතික වෙමිනි. එහෙත් ඒ පොරොන්දුවලින් ඔහු ලවා ඉ‍ටුකර ගැනීමට හැකිවූයේ මොනවාදැයි කියන්නට තරම් මතකයට නොපැමිණේ. සමහර විට අැත්තෙම නැත

.අගමැතිවරය ප්‍රමුඛ පාර්ලිමේන්තුව හරහා කෙරුනු දෙයක් හැර සිරිසෙන කරපු දෙයක් නැති තරම්ය. හැම එකකටම බාල්දි පෙරළමින් හිටියා හැර ඔහු කළ දෙයක් මතකයට එන්නෙ නැත.

ඒක කොහොම උනත් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම ඔහු ලබා දුන් ප්‍රමුඛම පොරොන්දුවයි. එය ඉ‍ටු කළෙ නැත, 2020 දීත් ජනාධිපතිවරයා ලෙස බලයට පත් වීමේ ආසාවෙන්ද පෙලෙයි.

සිරිසෙනගේ පාර්ලිමේන්තු හන්දියේ ප්‍රකාශ්ය අනුව දැන් අහන්න තියෙන ප්‍රශ්නය පොරොන්දු වෙච්ච විදිහට විධායක ජනධිපති ධුරය අහෝසි කරනන්ට නොහැකි වුයේ රනිල් වික්‍රමසිංහ සමලිංගිකයකු නිසා ද ? රාජපක්ෂ යුගයේ හොරු අල්ලන්න නොහැකි වූයේ රනිල් සමලිංගිකයකු වීම නිසාද ? වගේ ප්‍රශ්නය.
සිරිසේන දැන් මොනව කිව්වත් විධායකය ‍රැක ගැනීමට ඔහු දැඟලුවේය. ඔහුට අවංක වුවමනවක් තිබුණානම් ඒ අහෝසි කරන්නට රනිල්ගෙන් ඇසිය යුතු නැත. චෝද්නා එල්ල වූ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ආරක්ෂා කිරීම සඳා සිරිසේන දැඩිව මැදිහත් වූ බව රහසක් නොවේ. ඒවා රනිගේ වත් ඔහුගේ සමලිංගිකත්වය නිසාවත් ඇති වූ ප්‍රශ්න නොවේ.

සිරිසේනට අනුව මෙච්චර කල් අාණ්ඩුවෙ තීන්දු තීරණ ගෙන තිබෙන්නෙ සමලිංගිකයන් කිහිප දෙනෙකි. රනිල්ව එලෙව්වේ ඒ නිසාය. සිරිසේන කියන්නේ එහෙමය. ..

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us