හිටපු ඇමති අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

Published in පුවත්
Friday, 08 August 2014 10:07

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ සහ ඔහුගේ සොයුරු, ඌව හිටපු අමාත්‍ය අනුර විදානගමගේ හා තවත් පුද්ගලයකු 26 වැනි දාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහියංගන මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය මහියංගන පොලිසියට ඊයේ (07)  නියෝග කළාය.

මහියංගනයේ සිට බදුල්ල බලා ගිය අනවසර රථ පෙළපාළියක් ලොග්ගල්ඔය ආසන්නයේ දී නතර කිරීමට නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයකු උත්සාහ කළ අවස්ථාවේ ඔහුට මරණීය තර්ජනය කළැයි ඔහු බදුල්ල දිසාපති කාර්යාලයයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් මැදිරියට කළ පැමිණිල්ලක් අනුව මහියංගන මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය කළාය.

කුරුණෑගලින් බදුල්ලේ රාජකාරියට ගිය නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්  නාමල් තලංගම මහතාගේ පැමිණිල්ලේ සඳහන් වනුයේ තමා මරණ බවට තර්ජනය කළ එම තිදෙනා රාජකාරියට ද බාධා කළ බවයි.

සිද්ධියට අදාල නඩුව අගෝස්තු 26 වනදා දක්වා කල් තැබුණ අතර, එදිනට පෙර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය පොලීසියට නියෝග කළේය. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us