සිරිසේන අපිව කෑවා, ශ්‍රිලනිප ප්‍රබලයන් පක්ෂය ‍රැකගෙන්න තනිව ඡන්දෙට !

Published in පුවත්
Sunday, 11 November 2018 15:06

ඉදිරි මහ මැතිවරණයට ශ්‍රීලනිපය තනිව හෝ අලුතෙන් ගොඩනඟන සංධානයකින් ඉදිරිපත් වීමට අද දහවල් ශ්‍රීලනිපයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු පැජට් පාරේ කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.

සරත් අමුණුගම මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. මහින්ද රාජපක්ෂ ශ්‍රිලනිපයෙන් වෙන්වී වෙනම තරග කිරීමට ගත් තීරණය සමඟ ශ්‍රීලනිපයේ ප්‍රබලයන් සහ ප්‍රාදේශීය නායකයන් රැසක්ම එම පක්ෂයට එකතු වීම තුල ශ්‍රීලනිපය දේශපාලනිකව බරපතල අර්බුධයකට පත්ව තිබේ.

මෙම තත්වය හමුවේ දුමින්ද දිසානායක මහතා තව දුරටත් ශ්‍රී ලනීපයේ දේශපාලනය කිරීමෙන් වැඩක් නැති බවත් තමන් විශ්‍රාම ගන්න බවත් පවසා තිබේ. එහෙත් මහින්ද අමරවීර , සරත් අමුණුගම ඇතුලු පිරිසක් පක්ෂය විනාශ වී යෑමට ඉඩ නොතබා පක්ෂය රැක ගැනීම වෙනුවෙන් මහ මැතිවරණයට තනිව හෝ ඉදිරිපත් විය යුතු බවට දැඩි තීරණයක් ගෙන තිබේ. මෙම තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද දැනුම්වත් කර අවසන් තීන්දුවක් ගත යුතු බවට ගෙන ආ යෝජනාව ද ඔවුන් ප්‍රතිෂේප කර ඇත. සිරිසේන ජනාධිපතිවරයා පක්ෂය පාවා දි පාක්ෂිකයටත් ද්‍රෝහී වූ බැවින් ඔහුව නොතකා කටයුතු කළ යුතු බවටද මෙහිදි මත පළ ව ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us